Colombo Today Local News

අමරවීර කාල්ටන් නිවසට.. පොහොට්ටු-ශ්‍රීලනිප ලොක්කො රහස් කතා

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ඇමති මහින්ද අමරවීර මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීම සදහා තංගල්ල කාල්ටන් නිවසට පැමිණ තිබෙන බවට වාර්තා වනවා.

ආරංචි මාර්ග කියා සිටින්නේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර එහිදී කතා බහ කෙරෙමින් පවතින බවයි.

මේ අතර අද පෙරවරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනෙකු හමුවී සාකච්ඡා පවත්වා තිබෙන බවද පැවසේ. ඒ සදහා එජනිස පාර්ශවයෙන් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාද පොදුජන පෙරමුණ පාර්ශවයෙන් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙන බවද වැඩිදුරටත් පැවසෙනවා.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධුරය බාර දිය යුතුයැයි ශ්‍රීලනිපයෙන් ජනාධිපතිවරයාට ඉදිරිපත්වූවැයි කියන යෝජනාවක් සම්බන්ධයෙන් පලවූ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ඉහළ පෙළේ නියෝජිතයෙකු ලංකා සි නිව්ස් වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ, මහින්ද රාජපක්ෂ මහතා කිසිසේතම “පිං“ අගමැතිකම බාර ගැනීමට සූදානම් නොමැති බවයි.

Related posts

ඉල්ලීම් දෙනකන් දුම්රිය වැඩවර්ජනය දිගටම

Admin

“ඉදිරි මාස දෙක තුළ ඩොලර් බිලියන පහක්වත් නොලැබුණොත් රට ගෙනියන්න බෑ”

colombotoday

එජාප ආණ්ඩුවක් හදන්න ජනපති එකග වෙයි

colombotoday

මහීපාල, චොකා මල්ලී පොහොට්ටු වේදිකාවට ගොඩවෙයි (Video)

colombotoday

තද සුළගින් මන්නාරම හා වව්නියාවේ නිවාස රැසකට හානි

colombotoday

සූරියවැව රෝහලෙන් සැකකටයුතු කාන්තා මළ සිරුරක් හමුවෙයි

Admin