Colombo Today Local News

අත්හිටවූ මධ්‍යම පළාතේ සංවර්ධන නිලධාරී මාරු වීම් යලි ක්‍රියාත්මකයි

අවිධිමත් ලෙස සිදුවන සංවර්ධන නිලධාරී ස්ථාන මාරුවීම් හේතුවෙන් ප්‍රාදේශීය සභාවල කටයුතු නිසි පරිදි කරගෙන යාමට නොහැකි බවට සහ විශේෂ පුහුණුව ලැබූ සංවර්ධන නිලධාරීන් මාරු වී යාම හේතුවෙන් පුහුණු කිරීම් සඳහා යොදවන විශාල මුදලක් අපතේ යන බවට ලැබුණු පැමිණිලි මත මධ්‍යම පළාතේ සංවර්ධන නිලධාරීගේ සියලුම ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පසුගියදා නියෝග කර සිටියා.

එම තීරණයට විරුද්ධව ඊයේ(14) මහනුවර ඔරලෝසු කනුව අසල උද්ඝෝෂණයක් පැවති අතර අනතුරුව පිරිස ආණ්ඩුකාර කාර්යාලය වෙත පැමිණියා. එහිදී සංවර්ධන නිලධාරීන් දස දෙනෙකුට පමණක් ආණ්ඩුකාරවරයා මුණ ගැසීමට අවස්ථාව හිමිවූ අතර දැනට සේවය කරන ආයතනයට විශේෂ අවශ්‍යතාවක් නොමැති සංවර්ධන නිලධාරීන්, ඔවුන් සේවය කරන ආයතනයේ ප්‍රධානියා නිර්දේශ කරන්නේනම් පමණක් ස්ථාන මාරුවීම් ලබාදීමට හැකියාව පවතින බව ආණ්ඩුකාරවරයා දන්වන ලදි. ඒ සඳහා උද්ඝෝෂණයේ යෙදුනු සංවර්ධන නිලධාරීන් කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ස්ථාන මාරුවීම් නැවත ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ආණ්ඩුකාරවරයා විසින් පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ලබා දෙන ලදි.

ඒ අනුව මධ්‍යම පළාතේ සංවර්ධන නිලධාරී ස්ථාන මාරුවීම් කොන්දේසිවලට යටත්ව ඊයේ සිට යලි ක්‍රියාත්මකවී ඇත.

Related posts

දෛනිකව විදුලිය කප්පාදු කරද්දී වරායේ කුණු මාළු කන්නේටර් 100 කට මාස දෙකක් කෝටි 15 ක විදුලි දීලා

colombotoday

හෙට සිට නැවතත් සෞඛ්‍ය වැඩවර්ජන

Admin

ජනපති යළි එයි… හදිසි නීතිය අවසන්… ගැසට් නිවේදනය නිකුත් කෙරේ

colombotoday

කථානායක හා පක්ෂ නායකයන් රැස්වෙයි… අද පාර්ලිමේන්තු කටයුතු ගැන තීරණයක් ගනී…

colombotoday

කැබිනට් හමුවෙන් පසු ආහාර නෑ.. අපි බඩගිනි නිවා ගත්තෙ දානෙ කාලා – විමල්

colombotoday

ජනපතිගේ හෙළිදරව්ව පැය 24න් බොරු වෙයි.. චන්ද්‍රිකාගේ සමරු ඵලකය තවමත් නෙළුම් පොකුණේ යහතින්

colombotoday