එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි සැසිවාරය අද(09) ආරම්භවීමට නියමිත බව වාර්තා වෙයි.
සැසිය අද සිට ලබන 28 වන දා දක්වා පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ක‍්‍රියාකාරි කමිටු දෙකක් විසින් සැකසූ විශේෂ වාර්තා දෙකක් මෙවර සැසියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.
ඒ බලහත්කාරයෙන් රඳවාගැනීම් පිළිබඳ සොයා බැලීමේ ක‍්‍රියාකාරී කමිටුව හා සත්‍ය, සාධාරණත්වය, වන්දි ගෙවීම් පිළිබඳ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි. ග‍්‍රීෆ් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකසු වාර්තා දෙක ය.