Colombo Today Local News

අන්තර් පළාත් දුම්රිය සේවා පටන් ගන්නා දිනය මෙන්න.

පළාත් සංචරණ සීමා ඉවත්කිරීමත් සමඟ ලබන බ්‍රහස්පතින්දා (21 වැනිදා) සිට දුම්රිය ධාවනය ආරම්භ කරන බවත් එදින සිට දිනකට ගමන් වාර 128 ත් 130 ත් අතර සංඛ්‍යාවක් ධාවන කිරීමට නියමිත බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙහිදී පළාත් තුළ සහ අන්තර් පළාත් දුම්රිය ධාවනය ආරම්භ කරන බව කී එම නිලධාරීයා මහනුවර, මාතර, ගාල්ල, බෙලිඅත්ත සහ හලාවත යන දුම්රිය ස්ථානවල සිට ද දුම්රිය ධාවනය කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

දුම්රිය නැවත ධාවනයට අවශ්‍ය කටයුතු මේ දිනවල සිදුකරමින් සිටින බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

මහනුවරින් ගමන් ආරම්භ කරන දුම්රිය රඹුක්කන දක්වා මන්දගාමීව ධාවනය කර රඹුක්කන සිට දෙමටගොඩ දක්වා නොනවත්වා ධාවනය කරවීමට කටයුතු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලදාරියෙක් පැවැසීය. එම ක්‍රමය තුළින් අනවශ්‍ය ලෙස මගීන් දුම්රියට ගොඩවීම වැළැවිය හැකි බව ඒ මහතා පැවැසීය.

Related posts

ආනයනික සහල් සහ පාන් පිටි බදු පහළ දැමේ !

colombotoday

ඊයේ ඇරඹු ලංගම වර්ජනය අවසන්

colombotoday

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Admin

බෝරා මුස්ලිම් සමුළුව නිසා බම්බලපිටියේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල වේ

colombotoday

ගෑස් සිලින්ඩර් ගිනි ගැනීම් ගැන විමර්ශනයට පත් කළ ජනපති කමිටුව රැස්වෙයි

colombotoday

පෙට්‍රල් නැවක් අද රෑ එයි

colombotoday