Colombo Today Local News

රතන හිමි ගේමක් ගහයි. දේශපාලන මණ්ඩල සාමාජිකයෙක් ලෙස ගැරිජ් බාස් කෙනෙක් යොදා මාධ්‍ය හමුවක් පවත්වලා.

තමන් අපේ ජනබල පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු බවත් අපේ ජනබල පක්ෂයේ දේශපාලන මණ්ඩලය මාස 5කින් රැස්වී නොමැති බවත් පවසමින් ජීවන් චතුරංග නැමති පුද්ගලයෙක් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ කාර්යමණ්ඩලය අද (17) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර තිබෙනවා.

කෙසේවෙතත් ජීවන් චතුරංග නැමති එම පුද්ගලයා අපේ ජනබල පක්ෂයේ තනතුරු නොදරන බවත් රතන හිමියන්ට හිතවාදී ඔහු ගම්පහ ප්‍රදේශයේ ගැරිජ් බාස් කෙනෙකු බවත් වාර්තා වෙනවා.

එම පුද්ගලයා පක්ෂයේ කිසිදු තනතුරක් හෝ දේශපාලන මණ්ඩලයේ, මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකු නොවන බවත් සඳහන් කරමින් එම පක්ෂය විසින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර ඇත.

අපේ ජනබල පක්ෂය විශේෂ නිවේදනය

අපේ ජනබල පක්ෂයෙන් නෙරපන ලද පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ මෙහෙයවීම මත අද (17) දින මාධ්‍ය හමුවක් පවත්වා ඇති බවට කරුණු වාර්තා වී ඇත.

එම මාධ්‍ය හමුව සඳහා අපේ ජනබල පක්ෂයේ දේශපාලන බලමණ්ඩල සාමාජිකයන් යැයි තමන්ව හඳුන්වා ගන්නා ජීවන් චතුරංග නැමති පුද්ගලයෙක් අදහස් දක්වා ඇති බව ද වාර්තා වී ඇත. කෙසේ වෙතත් ඔහු අපේ ජනබල පක්ෂයේ දේශපාලන බල මණ්ඩල සාමාජිකයෙකු හෝ මධ්‍යම කාරක සභා සාමාජිකයෙකු නොවන බව සියලු මාධ්‍ය ආයතන වෙත දැනුම් දෙමි.

අපේ ජනබල පක්ෂයට ඡන්දය ලබා දුන් ජනතාවගේ අභිලාශ විනාශ කරමින් තවදුරටත් මන්ත්‍රිධුරයේ රැදී සිටීම සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සිදුකරමින් සිටින කුමන්ත්‍රණ දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමි. එසේ සිදුකරන කුමන්ත්‍රණ හේතුවෙන් තවදුරටත් ජනතා අප්‍රසාදයට පත් වන්නේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්මය.

උන්වහන්සේව පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අපේ ජනබල පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව නියමිත ක්‍රියා පටිපාටියට අනුකුලවම සිදුකර ඇති බව රටේ සමස්ත ජනතාවට සහ සියලුම මාධ්‍ය ආයතන වෙත දන්වා සිටිමි.

සුසන්ත කොඩිතුවක්කු.
ජාතික සංවිධායක – අපේ ජනබල පක්ෂය.

Related posts

ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට නව නීති පනවයි. පැය 72 ක් ඇතුලත ලබාගත් පී.සී.ආර්. පරීක්ෂණයක් අනිවාර්යයි.

colombotoday

වසන්ත මුදලිගේ 18වනදා තංගල්ල උසාවියට ඉදිරිපත් කරන්න නියෝග

Admin

පක්‍ෂව 159යි… විපක්‍ෂව 52යි… අයවැය සම්මතයි

colombotoday

නව වසරේ ජනපතිගේ අපෙක්ෂාව !

colombotoday

“තවත් ඉවසනු බෑ.. අපේ රතු කට්ට පනින්න කිට්ටුයි“ – හෙළඋරුමය

colombotoday

“දොස්තරලා කියන්නේ කාමුකයෝ, ගෙවලයෝ, නිවටයෝ.. අසභ්‍ය වීඩියෝ මා සතුයි” රාජිත පුත් චතුර පවුල වෙනුවෙන් සටනේ

colombotoday