Colombo Today Local News

එක්ව සිටිනවාද..? වෙන්ව යනවාද..? LTTE ඩයස්පොරාව උතුරේ ජනමතය විමසන්න යයි

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් ජනමත විචාරණයක් ලබාගැනීම සඳහා හිටපු එල්.ටී.ටී.ඊ. නායකයකු වන රුද්‍රාකුමාරන්ගේ නායකත්වයෙන් යුත් ටී.ජී.ටී.ඊ. හෙවත් දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය පෙරේදා (15) සිට කැනඩාවේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරන බව ලංකාදීප පුවත් පත වාර්තා කර තිබේ.

තමන්ට අවශ්‍ය එක්සත් රාජ්‍යක්ද, ෆෙඩරල් රාජ්‍යක්ද, සමූහ ආණ්ඩුවක්ද නැත්නම් වෙනම රාජ්‍යක්ද යන්න පිළිබඳ විමසීම මෙම ජනමත විචාරණ වැඩසටහනේ අරමුණ වන බව දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජයේ ප්‍රකාශකයන් සඳහන් කර ඇතැයි වාර්තා වේ.

මෙම වැඩසටහන සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් වරයකු වූ නෙදර්ලන්ත කැබිනට් අමාත්‍ය ඇඩ් මෙල්කර්ට් මහතා ද එක්ව ඇති බවඇ පැවසේ.

කැනඩාවේ සිට ආරම්භ කළ මෙම වැඩසටහනින් අනතුරුව ලොව පුරා සිටින එල්.ටී.ටී.ඊ. හිතවාදී දෙමළ ඩයස්පෝරාව ඊට අදාළ ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර ඇති බව ද ටී.ජී.ටී.ඊ. හෙවත් දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය කියයි.

ලාංකීය දෙමළ ජනතාව සිය දේශපාලන අනාගතය ජනමත විචාරණයකින් තිරණය කළ යුතු බවත්, එම ප්‍රතිඵලය තමන් පිළිගන්නා බවත්, ටී.ජී.ටී.ඊ. හෙවත් දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජයේ ප්‍රධානියා වන රුද්‍රාකුමාරන් මහතා ප්‍රකාශ කර ඇත.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එවැනි ජනමත විචාරණවලින් ලොවපුරා අරගල රැසක් නිමා කළ හැකිවූ බවයි.

මේ අතර, ඉන්දියාවේ සංචාරයක නිරත උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා ඉන්දියාවේදී පවසා ඇත්තේ උතුරු – නැගෙනහිර ජනතාව එක්සත් ශ්‍රී ලංකාවකට සහය දක්වන බවයි.

Related posts

ජනාධිපති පුටුවේ වාඩි වී ඡායාරූප ගත් පුද්ගලයෙක් කූඩුවට

colombotoday

දුක කියන්න ආ වව්නියාව සිංහල වැසියෝ පැය 3ක් අව්වේ කරවෙයි.. රජයේ බලධාරියෙක් අහලක ඇවිත් නෑ

colombotoday

ජනපති ආරක්ෂක ලේකම්ව සිටියදී යෝජනා කෙරුණු ඩිජිටල් හැඳුනුම්පත ලබා දීම ළඟදීම

colombotoday

ජන සටන පාගමනේ මං එනවා.. ස්ථීරයි

colombotoday

වසර 30 ක් තිස්සේම වසා දමා තිබූ කන්තලේ සීනී සමාගම යළි ආරම්භ කිරීමට සූදානම් !

colombotoday

උදයංග වීරතුංග අත්අඩංගුවට ගන්න, FCID ය ජාත්‍යන්තර වරෙන්තුවක් ඉල්ලයි

colombotoday