Colombo Today Local News

ටී. එන්. එල්. තහනම විදුලි සංදේශන කොමිසම නැමැති ගණිකාවගේ කන්‍යාභාවය පෙන්වීමට ගත් උත්සහයක් !

මෙරට පැරණිම රූපවාහිනී නාලිකාව වන ටී.එන්.එල් රූපවාහිනියේ විකාශන කුළුණු  සදහා පැනවූ තහනම් දැඩිව හෙළා දකින බවත්, එම කුළුණු සදහා මුදල් ගෙවීම ප්‍රමාද වූයේනම් ඒ සදහා කාලසීමාවක් ලබා දිය යුතුව තිබුණු බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික වයාපාරය පවසයි. එසේ නොකට ජනාධිපතිවරයා විවේචනය කළ පසුබිමක් යටතේ එම නාලිකාවේ විකාශන කටයුතුවලට බාධා කිරීම රජයේ මාධ්‍ය මර්ධන පිළිවෙත හෙළිවන බවද එම ව්‍යාපරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ටී. එන්. එල් රෑපවාහිනී විකාශණ කුලුණු සදහා පැනවූ තහනම විදුලි සංදේශන කොමිසම නැමැති ගණිකාවගේ කන්‍යාභාවය රටට පෙන්වීම සදහා ගත් උත්සහයක්!

මෙරට පැරණිම රෑපවාහිනී නාලිකා වන ටී.එන්.එල් රෑපවාහිනී සේවයේ විකාශණ කුලුණු සදහා විදුලි සංදේශණ කොමිසම විසින් පැනවූ තහනමට අප සංවිධානයේ දැඩි විරෝධය පළකරන අතර ටී.ඒන්.එල් රෑපවාහිනී සේවය පවත්වාගෙන යන සමාගමෙන් මුදල් ගෙවීම් කිරීම සදහා යම් කිසි අතපසු වීමක් වූයේ නම් එම මුදල් ගෙවීම සදහා යම් කිසි කාලසීමක් ලබා දීම කල යුතුව තිබුන බව අපගේ අදහසයි. එසේ කළයුතු වන්නේ ටී.එන්. එල් රෑපවාහිනිය යනු මෙරට ජනතාවට තොරතුරැ ලබා ගැනීම සදහා මහගු දායකත්වයක් ලබා දෙන ආයතනයක් වන නිසාය.

විදුලි සංදේශණ කොමිසන් සභාව ලංකාවේ පවතින දූෂීතම ආයතනයක් බව පැවසූවේ වර්තමාන ජනාධිපති වරයාමය. ඒ 2017 වසරේදීය. මෙරට දුරකතන සමාගම් වලින් පාරිභෝගිකයාට සිදුවන අසාධාරණකම් වෙනුවෙන් පෙනී සිටීම සදහා පිට කොන්දක් නැති විදුලි සංදේශණ කොමිසමේ නිරැවත අප විසින් හෙළිකලේ අද ඊයේ නොවේ. කළ යුතු දෙය නොව නොකල යුතු දෙය කරන ජනාධිපතිවරයාගේ යටතට ගැනෙණ විදුලි සංදේශණ කොමිෂන් සභාව  ටී.එන්.එල් රෑපවාහිනී විකාශණ කුලුණු සදහා මෙම තහනම පනවන්නේ ජනාධිපතිවරයාගේ හැසිරීම දැඩිව විවේචනය කරමින් සිටිද්දී වීම විශේෂත්වයකි.

රටට විශාල සේවයක් කර පසුගිය දිනක මියගිය හැටන් පොලීසියට අනුයුක්තය සේවය කල කෝරා නමැති සුනඛයා තරම්වත් සේවාවක් රටට නොකළ දේශපාලන නායකයින් දැඩිව විවේචනය කිරීම වරදක් නම් අප රටේ ජනතාව තුන් වේලම ආහාර ගැනීමද විශාල වරදක් විය යුතුය.

මාධ්‍ය අධ්‍යනය පිළිබදව වන මහාචාර්යයවරයෙකු ජනාධිපතිවරයා නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂයේ ලේකම්වරයා ලෙස පත්වී දින ගණනකදී මාධ්‍ය මර්ධනය කිරීම සදහා කටයුතු කිරීම එම පක්ෂයේ බංකොලොත්භාවය රටටම හෙළි කිරීමක් වන අතර ඉතාම ඉක්මනින් ටී.එන්.එල් රෑපවාහිනී කුලුණු සදහා පනවන ලද වාරණය ඉවත් කර ගන්නා ලෙස  අප රජයෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ – සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

පතරොම් හා හෙරොයින් සමග කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ ඖෂධ නියාම අධිකාරියේ සේවකයකුගේ මරණය ගැනත් සැකයක්

Admin

හරීන් අගරදගුරුතුමා සම්බන්ධව කළ විවේචනාත්මක ප්‍රකාශය සමගි ජනබලවේගය කළඹයි

colombotoday

මහරගමට පෙට් ස්කෑනරයක් ගන්න ටෙන්ඩර් දැම්මා.. මාස තුනකින් දෙනවා – රාජිත

colombotoday

පිරවුම්හල් වලට ඉන්ධන බෙදාහැරීම් යළි ඇරඹෙයි

colombotoday

අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා වෙඩි තබා ඝාතනය කෙරේ.

colombotoday