Colombo Today Local News

කොටි සංවිධානයත්, එහි නායකයාත් විනාශ කළේ දෙමළ සන්ධානයේ නායකයන් !!

එල්.ටී.ටී.ඊ. සංවිධානය හා එහි නායකයා විනාශ කිරීමට කටයුතු කළේ දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන නායකයන් බවට දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කිලිනොච්චියේදී ඊයේ (27දා) ප්‍රකාශ කෙළේය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයන් වශයෙන් සිටියදී යුද්ධයෙන් මියගිය පවුල් වෙනුවෙන් මහවිරු දිනයට සමගාමීව ආධාර සපයාදීම පිණිස කිලිනොච්චියේ පිහිටි එම පක්‍ෂ කාර්යාලයේ පැවැති උත්සවයකදී ඔහු මේ බව ප්‍රකාශ කෙළේය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය හෝ එල්.ටී.ටී.ඊ. නායකයා ප්‍රබලව සිටියේ නම් දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ට රජයෙන් දේශපාලන වාසි හා තනතුරු ලබා ගැනීමට හැකියාවක් නොමැති නිසා ඔවුන් රජයට එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳ ඔත්තු සපයා එම සංවිධානය විනාශ කළ බවට ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මෙහිදී චෝදනා කොට තිබේ.

ප්‍රභාකරන් තවත් වසර තුනක් පමණ සිටියේ නම් නෝර්වේ රජයේ සාකච්ඡාවලට අනුව ඔහු 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිගෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට සහය දීමට බෙහෙවින් ඉඩ තිබූ බව ඔහු සමඟ දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයන් කළ සාකච්ඡාවලදී තේරුම් ගිය බැවින් ඔවුන් ප්‍රභාකරන්ව විනාශ කිරීමට මඟ පෑදූ බවද ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කියා සිටියි.

 

Related posts

නේමිගේ වැවේ ගිලී පාසල් සිසුවෙක් මරුට

Admin

නුවරඑළියේ වැඩිම මනාප ජීවන් තොණ්ඩමන්ට

colombotoday

ඉන්ධන පිරවුම්හල් වල ඩිසල් නොමැති විමෙන් වාහන හිමියන් පිඩාවට.

colombotoday

විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ තරුණයෙක් අල්ලයි

Admin

වෙන විකල්පයක් නෑ.. ගෑස් මිල වැඩි කරන්නම වෙනවා – ලිට්‍රෝ සභාපති විජිත හේරත් කියයි.

colombotoday

“බුද්ධි අංශ ඝාතන සිදුකළා නම් වගකීම ෆොන්සේකාගේයි“ හිටපු බුද්ධි ප්‍රධානී හෙන්දාවිතාරණ

colombotoday