Colombo Today Local News

⁣ටින්කරින් ලසන්ත පොලිස් වෙඩි පහරින් මියයාම : පොලීසිය තම සේවාදායකයා මරා දැමීමට සුදානම් බව නීතිඥවරයා කලින්ම කියලා.

“සන්ෂයින් සුද්දා” ඝාතනයේ ප්‍රධාන සැකකරු ලුණුවිලගේ ලසන්ත හෙවත් ටිනකර් ලසන්ත අද අලුයම පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

සඟවා තිබූ පිස්තෝල් 2 ක් සහ අත්බෝම්බයක් සෙවීම සඳහා කළුතර දියගම ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරීන්ට වෙඩ තබා ඇති බවත් ඉන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බවත් පොලීසිය පැවසී ය.

කෙසේ වෙතත්, මාතර කැකණදුර ⁣ටින්කරින් ලසන්ත නොහොත් H.L. ලසන්ත නැමැත්තා අත්අඩංගුවට ගෙන කළුතර දූෂණ මර්දන ඒකකය මගින් ආයුධ පෙන්වීමට රැගෙනගොස් ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව ඊයේ (26) සවස සැකකරුගේ නීතිඥවරයා විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත පැමිණිල්ලක් සිදුකර ඇත.

කළුතර ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (26) මොහු අත්අඩංගුවට ගනු ලැබ ඇත.

පොලීසි පැවසුවේ, ලුණුවිලගේ ලසන්ත පාතාල වෙඩික්කරුවෙකු මෙන්ම අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු බවයි.

නීතිඥවරයා තබා ඇති Facebook සටහන…

Related posts

අනාගත ජාතික අභිලාෂ ජයග්‍රහණය කරවීමට කැපවීම අප සැමගේ යුතුකමයි – හිටපු ජනපති

colombotoday

ශ්‍රී දළදාවට අපහාස කළ සේපාල් අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

Admin

මේ රට පාලනය කළ යුතු විදිහ මම දන්නවා… ඇමරිකානු පුරවැසිකමත් අතහැර 2020ට ගෝඨාභය සූදානම්

colombotoday

නලීන්-රෝහිණි-මයන්ත-කාවින්ද-බුද්ධික එක් කර සජිත් අලුත් බලකායක් හදයි

colombotoday

ණය ප්‍රතිව්‍යුහගතකරණය සාකච්ඡා ගැන සුබ ආරංචියක්

Admin

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday