Colombo Today Local News

රාජිත සේනාරත්න 10වෙනි වරටත් අල්ලස් කොමිසමෙන් කට්ටි පනියි!

kamba horaa

යහපාලන ආණ්‌ඩුවේ ප්‍රබලම ඇමැතිවරයකු වන රාජිත සේනාරත්න මහතා දහවන වතාවටත් අල්ලස්‌ හෝ දූෂණ කොමිසම විසින් කළ කැඳවීම් අනුව එම කොමිසම හමුවේ පෙනී සිටීම මඟහැර තිබේ.

මොහු පසුගිය රජයේ ධීවර ඇමති ධූරය දරද්දී සිදු කළ බව කියන වංචා හා දූෂණ සම්බන්ධයෙන් අල්ලස්‌ හෝ දූෂණ කොමිෂන් සභාව මගින් අදාළ කැඳවීම කර තිබේ.

මීට පෙර අවස්ථා 09ක දි මෙසේ කැඳවීම් කර ඇතත් ඒ සෑම අවස්‌ථාවකදීම රටේ ප්‍රබලම පුද්ගලයකු සමඟ උත්සවයක්‌ හෝ සාකච්ඡාවක්‌ ඇති බව කියමින් රාජිත ඇමැතිවරයා එම කැඳවීම කල් දමාගෙන තිබේ.

මොහුගේ ප්‍රබලත්වය නිසා ඔහුට එරෙහිව පියවරක්‌ ගත නොහැකිවීමෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව අල්ලස්‌ කොමිසමේ නිලධාරීහු පවසති.

මේ අතර වංචනික කටයුතුවලට සම්බන්ධයැයි චෝදනා නැගී ඇති සීනෝර් ආයතනයේ හිටපු කලමනාකරණ අධ්‍යක්‍ෂකවරයාට නැවතත් සීනෝර් ආයතනයේ සභාපපති ධූරයට පත් කිරීමට සේනාරත්න මහතා දැරූ උත්සාහය අසාර්ථක වී තිබේ.

සමපෝෂ ආයතනයේ සභාපතිවරයා ලෙස ඔහු පත් කිරීමට රාජිත සේනාරත්න මහතා උත්සාහ දැරූවද එයද අසාර්ථක වී ඇති අතර පසුව ඔහුට මාතලේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල ලබාදීමට සේනාරත්න මහතා ඛණිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති චන්දිම වීරක්කොඩි මහතාට බලපෑම් කරමින් සිටින බවද වාර්තා වේ.

චෝදනාවට ලක්වන සීනෝර් ආයතනයේ හිටපු කලමනාකරණ අධ්‍යක්‍ෂ වරයා රාජිත සේනාරත්න ඇමතිවරයාට එරෙහි රහස් පොලිස් පැමිණිල්ල ලිපි ගොනුවෙන් ඉරා ගිලදැමූ බව පවසා ඇති අතර, සේනාරත්න මහතා ඊට සැලකිල්ලක් ලෙස ඔහුට ඉන්ධන පිරවුම්හල ලබාදීමට කටයුතු කරමින් සිටින බවද වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

1015 දරණ දුම්රියේ සියලු දුම්රිය මැදිරි 20 වැනිදාට අමුතු අංකයකින් වෙන්කරලා

Admin

සල්ලි ගාණට සෙනග නැතැයි මෛත්‍රී උරණ වෙයි.. නාගරික මන්ත්‍රීගේ කණ පලයි

colombotoday

නීතීඥවරියක් සම්බන්ධයෙන් ව්‍යාජ පැමිණිල්ලක් ශ්‍රේෂ්ඨාධිකරණයට සිදු කළ කාන්තාවකට බරපතල වැඩ සහිත සිරදඬුවම්

colombotoday

බම්බලපිටියේ වෙඩි තැබීම ගැන මුදල් රාජ්‍ය ඇමති කඩිනම් වාර්තාවක් ඉල්ලයි

Admin

මීගමුව අධිකරණය පිටුපස කාන්තා මළ සිරුරක්

Admin

මැතිවරණ කොමසාරිස්ට එරෙහි නඩුව: රජයේ නීතිඥවරයා දිනයක් කල් ගයි.

colombotoday