Colombo Today Local News

“ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරගන්න සටන් කරනවා” – තිලංග සුමතිපාල

එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කළත් ඔහු විසින් මඩකලපුව ප‍්‍රදේශයේ ගොඩ නගා ඇති ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරාගැනීම වෙනුවෙන් ගෙන යන සටනේදී හිතවත්කම් පසෙක දමා කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය.

මේ සඳහා හිස්බුල්ලා මහතා ඇතුළු එහි අධ්‍යක්‍ෂ මණ්ඩලය නියෝජනය කරන ඔහුගේ පවුලේ අය විශාල මුදලක් ආයෝජනය කර ඇති බව පෙනෙන්නේ යැයි කී තිලංග සුමතිපාල මහතා එම වැය කළ මුදල් සොයා දී හෝ විශ්වවිද්‍යාලය රජයට පවරා ආරක්‍ෂක විද්‍යාලයක් බවට පත්කිරීමට කටයුතු කළ යුතු බව සඳහන් කළේය.

ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළට නායකත්වය ලබාදීමට තමන් සූදානම් බව ද මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කීවේය.

තිලංග සුමතිපාල මහතා මේ බව පැවසුවේ පුංචි බොරැල්ල, සිය නිවසේ පිහිටි ‘පරිවර්තන කේන්ද්‍රයේ’ දී අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

නැගෙනහිර ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරාගෙන ආරක්ෂක විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීම සඳහා වන යෝජනාවක් තමන් විසින් පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බව කී සුමතිපාල මහතා එය කඩිනමින් විවාදයට ගෙන සම්මත කිරීමට සහය දෙන ලෙස තමන් සියලු දේශපාලන පක්‍ෂවලින් ඉල්ලා ඇතැයි ද කීවේය.

එමෙන්ම මෙම විශ්වවිද්‍යාලය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීම සඳහා බල කෙරෙන අත්සන් දස ලක්‍ෂයක පෙත්සමක් අත්සන් කිරීමේ කටයුතු ද මේ දිනවල සිදුකෙරෙන බව කී සුමතිපාල මහතා ඒ වෙනුවෙන් දැනටමත් අත්සන් ලක්‍ෂ 7ක් පමණ ලැබී ඇතැයි ද පැවසීය.

Related posts

පියෙක් දියණියත් රැගෙන දුම්රියට පනී

Admin

නාමල් වහාම අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

colombotoday

ගෘහ භාණ්ඩ තොග වෙළෙඳසැලකට ආයුධ අතැතිව ඇතුළු වූ දෙදෙනෙකු කොල්ලකා පළා යයි

Admin

පෝලිම් හදපු පිරවුම්හල්වල බලපත්‍ර අහෝසි කරනවා… ඉන්ධන ඇති තරම් තියෙනවා – ඇමති කංචන දනුම් දෙයි

Admin

රෝසි සේනානායක පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට

Admin

2020 මැතිවරණ දිනය ගැන අවසන් තීරණය මේ සතියේදී

colombotoday