Colombo Today Local News

පියෙක් දියණියත් රැගෙන දුම්රියට පනී

පුද්ගලයෙකු තම දියණිය සමග දුම්රියට පැන සියදිවි හානි කර ගත් පුවතක් කන්තලේ පොලිස් වසමේ රජඇල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ඊයේ (06) රාත්‍රී කාලයේ ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියට පුද්ගලයෙකු තම දියණිය සමග පැන සියදිවි හානි කරගෙන ඇති බවට කන්තලේ පොලීසියට ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කළ බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ අවුරුදු 38ක් වන කන්තලේ පේරාරු ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ අවුරුදු 06ක දියණියකි.

මියගොස් ඇති පුද්ගලයාගේ බිරිඳ විදේශ රැකියාවකට ගොස් ඇති අතර එහිදී ඇය අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවට දැන ගැනීමෙන් ඇතිවු සිත් තැවුල හේතුවෙන් දියණිය සමග සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය පවසයි.

මෘතශරීර කන්තලේ රෝහලේ තැන්පත් කර ඇති අතර කන්තලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

බදියුදීන් මැගසින් බන්ධනාගාර ප‍්‍රධානීයාගෙන් සැප ඉල්ලයි

colombotoday

උදෑසන පිරිත් ප්‍රචාරයට වාරණයක්..! මහා සංඝරත්නයෙන් රජයට විරෝධය

colombotoday

‘කොටි නායකයන්ගේ ප්‍රතිමා තනා, කොටි සොහොන් බිම් රජයේ වියදමින් නඩත්තු කරනු‘ – TNA තවත් උමතු යෝජනා

colombotoday

තෙල් පෝලිමක සිටි අයෙක් මරුට

colombotoday

අලුත් කොරෝනාවෛරස ප්‍රභේදයක් – රටවල් 63කින් ආසාදිතයෝ හමු වෙති

colombotoday

තවත් ලොක්කෙක් ඉල්ලා අස්වෙයි

Admin