Colombo Today Local News

අගමැතිට එරෙහි වූ ශ්‍රීලනිප ඇමතිලා ආණ්ඩුවෙන් ඉවත් කරන්නැයි එජාපය නිල වශයෙන් දන්වයි

අගමැතිට සහ ආණ්ඩුවට විරුද්ධව ගෙන ආ විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් 15 දෙනා සහ නියෝජ්‍ය කතානායකවරයා තව දුරටත් තනතුරුවල සිටීම ප්‍රශ්නයක් වන හෙයින් ඔවුන් සියලු දෙනා තනතුරුවලින් ඉවත් කරන ලෙස එජාප මැති ඇමැතිවරුන් ජනපතිගෙන් ඉල්ලා සිටි බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වූ පසු ඒ පිළිබඳව තීරණයක් ගෙන දන්වන්නේයැයි ජනපති පැවසූ බව ද අමාත්‍යවරයා කීවේය.

අකිල විරාජ් කාරියවසම් මහතා ඒ බව පැවසුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ, අමාත්‍ය මලික් සමරවික්‍රම , අකිල විරාජ් කාරියවසම් ඇතුළු එජාප ඇමැතිවරුන් කිහිප දෙනකු ඊයේ රාත්‍රී ජනාධිපතිවරයා හමුවී තිබේ.

Related posts

රට වෙනුවෙන් ඉදිරියට එන මහා සංඝරත්නයට මේ ආණ්ඩුව ගරහනවා – ගැටඹේ නාහිමි

colombotoday

බස් රථ අනතුරකින් පාසල් සිසුන් 7ක් රෝහලේ…

Admin

ජනපතිගේ නිල නිවේදන කථානායකවරයා හරහා පමණයි

colombotoday

මෛත්‍රීගේ තීරණයට චන්ද්‍රිකා එරෙහි වෙයි… රැස්වීමෙන් නැගිට යන්න යයි…

colombotoday

ජනපති පාර්ලිමේන්තු එයි

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මැතිසබයට

colombotoday