Colombo Today Local NewsfeaturedHot News

ඉතිහාසයේ මුල් වතාවට සංක්‍රමණය ධන අගයක් ගනී… රොහින්ගියා, ඇෆ්ගන්, අනාතයෝ බුරුත් පිටින් ලංකාවට

පිිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්‍ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

මහ බැංකු වාර්තාවට අනුව නිදහසින් පසු ප්‍රථම වතාවට ලංකාවේ සංක්‍රමණ ධන අගයක් ගෙන තිබෙනවා. වෙනත් වචන වලින් කියනවා නම් ලංකාව අත්හැර වෙනත් රටවල පදිංචියට ගිය පිරිසට වඩා වෙනත් රටවලින් ලංකාවේ පදිංචියට පැමිණි පිරිස වැඩියි. ජනගහනයෙන් දහසකට 2015 දී 0.7ක් 2016 දී 2.1ක් සහ 2017 දී 2.3ක් ලෙස ශුද්ධ සංක්‍රමණ සිදු වී තිබෙනවා. ඒ කියන්නේ 2015 දී ඇති වුණු ශුද්ධ සංක්‍රමණ ප්‍රවණතාවය ක්‍රමයෙන් වැඩි වෙමින් තිබෙනවා.

අතීතයේ දී ලංකාවේ සංක්‍රමණ ධන අගයක් ගත්තේ ඉන්දියානු වතු කම්කරුවන් ලක්ෂ ගණනින් පැමිණි යුගයේ දී. නමුත් නිදහසින් පසුව ලංකාවේ ජනතාව බුරුතු පිටින් ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය වැනි රටවල පදිංචියට යන වර්තමානයේ දී ලංකාවේ සංක්‍රමණ ධන අගයක් ගත්තේ කොහොම ද?

දහසකට 2.3ක් කියන්නේ ලංකාවේ ජනගහනය වන මිලියන 22ට ශුද්ධ සංක්‍රමණ 50,600ක්. වසරකට ලක්ෂයක් පමණ රට අත්හැර වෙනත් රටවල පදිංචියට යනවා. එහෙම තිබිය දී ශ්‍රද්ධ සංක්‍රමණ 50,600ක් කියන්නේ වසරකට විදේශිකයින් 150,000ක් පමණ ලංකාවේ ඇවිත් පදිංචි වෙනවා කියන එකයි. ලංකාවට හොරෙන් ඇවිත් පදිංචි වෙන්නේ කොහොමද? මේ විදේශිකයින් 150,000 කවුද? අපි කෙතරම් මේ ගැන කතා කළත් ආණ්ඩුව ඒ ගැන අවධානය යොමු කරන්නේ නෑ. ඒ කියන්නේ ඊ ළඟ ඡන්දයේ දී මේ රටේ ජනතාව ආණ්ඩුවට ඡන්දය දෙන්නේ නැති නිසා විදේශිකයින්ගේ කර මතින් ගොඩ යෑමේ අරමුණෙන් ආණ්ඩුව විසින් විදේශිකයින් රහසිගතව මේ රටේ පදිංචි කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා ද?

ඉන්දියානුවන්ට වීසා නැතුව ලංකාවට පැමිණිය හැකි නිසා බුරුතු පිටින් ලංකාවට ඉන්දියානුවන් ඇවිත් රස්සාවල් කරනවා. අද කුඹුරු කපන්නේ ගෝනි කර තියන්නේ කොණ්ඩේ කපන්නේ තෝසේ හදන්නේ ඉන්දියානුවන්. ඒ අතරේ ඇෆ්ගන් අනාථයින් සහ රෝහන්ගියා අනාථයින් චිතගොං අනාථයින් ලංකාවට ඇවිත් ඉන්නවා. මේ අය රස්සාවල් හොයන විට බෙහෙත් ගන්න ගියාම සිංහලත් බෑ දෙමළත් බෑ ඒ නිසා අහු වෙනවා. නමුත් තමිල්නාඩුවෙන් එන අය දෙමළ කතා කරන නිසා කොහොමටවත් අඳුර ගන්න බෑ.

මේ සංක්‍රමණ නිසා ලංකාවේ ජන සංයුතියට බරපතල බලපෑමක් වෙමින් තිබෙනවා. ඒ වගේම ප්‍රජා සෞඛ්‍යයට සහ ආරක්ෂාවට තර්ජනයක් ඇති වී තිබෙනවා. අපි මේ ගැන කෙතරම් ආණ්ඩුවට කිව්වත් ආණ්ඩුව අවධානය යොමු කරන්නේ නෑ. ආණ්ඩුවේ ඉන්නේ අලි බව නම් අපි දැනගෙන හිටියා. නමුත් ඒ බිහිරි අලි බව දැන ගත්තේ බලයට ආවාට පස්සේ.

– අරවින්ද අතුකෝරල

Related posts

වීරකුමාර, පියසිරි සහ සෙනෙවිරත්න ට වරෙන්තු

colombotoday

බැදුම්කර මගඩිය මහින්දගේ කරේ එල්ලයි.. අරුම පුදුම ගැසට් එකක් එළියට !

colombotoday

බන්ධනාගාර තුළ ආරක්ෂාවට හිටපු යුද හමුදා නිලධාරීන් කැඳවයි

colombotoday

‘දෙසැම්බරයේ තීරණයක් ගන්නවා‘.. ජනපති වමට සිග්නල් දමයි !

colombotoday

දොස්තරලා අද වැඩ වර්ජණයේ

colombotoday

අමාත්‍ය නසීර් අහමඩ් නෙරපීමේ තීරණය නීත්‍යානුකූල බව අධිකරණය කියයි

Admin