World

මුස්ලිම් පල්ලි පරිපාලනය රජයෙන්. විශ්වවිද්‍යාලවල යාච්ඤා කිරීම තහනම්. දරුවන්ට නිවාස අධ්‍යාපනය තහනම්. | රැඩිකල් විරෝධී පනත ප්‍රංශ සෙනෙට් සභාවෙන් සම්මතයි.

  • රැඩිකල් විරෝධී පනතට විශ්ව විද්‍යාලවල යාච්ඤා කිරීමේ තහනමත් ප්‍රංශ සෙනෙට් සභාව ඇතුලත් කරයි
  • මුස්ලිම් පල්ලි සහ ඔවුන්ගේ පරිපාලනය, මූල්‍ය පාලනය සඳහා මැදිහත් වීමට රජයට අවස්ථාව ඇත.
  • දරුවන්ට නිවාස අධ්‍යාපනයක් ලබා දීම තහනම්.
  • ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම්ව වෛද්‍යවරුන් තෝරා ගැනීම තහනම්

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ රජය විසින් “ඉස්ලාමීය බෙදුම්වාදයට” එරෙහිව සිදුකරන සටනට අදාලව සම්මත කිරීමට නියමිත රැඩිකල් විරෝධී පනතට අදාළ පනත් කෙටුම්පතට විශ්වවිද්‍යාල කොරිඩෝවල ආගමික පිළිවෙත් සිදුකිරීම තහනම් කිරීම ද ඇතුලත් කර ප්‍රංශ සෙනෙට් සභාව විසින් පසුගිය බදාදා අනුමත කරන ලදි.

රිපබ්ලිකානුව (එල්ආර්) පක්ෂය යෝජනා කළේ විශ්ව විද්‍යාල කොරිඩෝවල යාච්ඤා කිරීම තහනම් කිරීම මෙන්ම අධ්‍යාපන කටයුතුවලට බාධාවක් විය හැකි ආගමික කටයුතු තහනම් කිරීම යන වගන්තියක් ද එක් කිරීමට කටයුතු කළ බවයි. මෙම යෝජනාවට වාමාංශික සෙනෙට් සභිකයින් සහ අධ්‍යාපන අමාත්‍ය ජීන් මයිකල් බ්ලැන්කර් විරුද්ධ වුවද, එය බහුතර දක්ෂිණාංශික සෙනෙට් සභිකයින්ගේ ඡන්දයෙන් සම්මත විය.

මේ වසරේ පෙබරවාරි 16 වන දින ප්‍රංශයේ ජාතික සභාව විසින් මෙම පනත අනුමත කරන ලද අතර එය මාර්තු 30 වන දින සිට සෙනෙට් සභාවේදී විවාදයට ගැනේ. ඡන්ද විමසීමක් පැවැත්වීමෙන් පසු එය නැවත ජාතික සභාවට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම පනත් කෙටුම්පත මගින් මුස්ලිම් පල්ලි සහ ඔවුන්ගේ පරිපාලනය සඳහා වගකිව යුතු සංගම්වලට මැදිහත් වීමට රජයට අවස්ථාව ඇත. එමෙන්ම මුස්ලිම්වරුන්ට අයත් සංගම් සහ රාජ්‍ය නොවන සංවිධානවල මූල්‍ය පාලනය කිරීමට ද ඉඩ ලබා දේ. දරුවන්ට නිවාස අධ්‍යාපනයක් ලබා දීම වැළැක්වීම සහ ආගමික හෝ වෙනත් හේතූන් මත ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම්ව වෛද්‍යවරුන් තෝරා ගැනීම මෙම පනත මගින් තහනම් කර ඇති අතර සියලුම රාජ්‍ය නිලධාරීන්ට “ලෞකික අධ්‍යාපනය” (secular education) අනිවාර්ය කරයි.

Related posts

කොරෝනා සුව වූවන්ට වැළදෙන සුව කරන්න බැරි ලෙඩක් | වෛද්‍ය විශේෂඥයින්ගේ අලුත්ම සොයගැනීම

colombotoday

ඊජිප්තුව සහ රුසියාව අතර ගුවන් ගමන් රුසියාව නවතාදමයි

colombotoday

බොරිස් ජොන්සන් යළිත් ස්වයං නිරෝධායනයට

colombotoday

ස්විට්සර්ලන්තයේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

Admin

සෞදි අරාබිය 2020දී බංකලොත් වෙනවා – IMF

colombotoday

මුස්ලිම් කණ්ඩායමක් පකිස්ථානයේ ක්‍රිස්තියානි ගමකට පහර දී කොල්ල කති. කාන්තාවන්ටත් අඩත්තේට්ටම් කරලා.

colombotoday