Colombo Today Local NewsTop Stories

අද මියගියේ රෝගය වසන් කරගෙන සිටි දෙහිවල මොහොමඩ් උම්රිඩ් නමැති මැණික් ව්‍යාපාරිකයායි

කොරෝනා වැළදීමෙන් අද (8)මියගිය පුද්ගලයා 48 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචි උම්රිඩ් නැමැත්තා වන බව වාර්තා වනවා.

එම පුද්ගලයා ජර්මනියේ සංචාරයක නිරතව සිට මෙරටට පැමිණ සිය රෝගය වසන් කරගෙන සිටි මැණික් ව්‍යාපාරිකයායි.

කොරෝනා වැලඳුණු ගල්කිස්සේ මැණික් ව්‍යාපාරිකයා හා බිරිඳ සමීපව ඇසුරු කළ පනස් පස් දෙනකු රත්මලානෙන් හා ඔරුගොඩවත්තෙන් හඳුනාගෙන පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත පසුගිය දා යොමු කර තිබෙනවා.

ඔහු හා ඇය ඇසුරු කළ 34 දෙනකු රත්මලානෙන්ද, 21 දෙනකු ඔරුගොඩවත්තෙන්ද හමුවී ඇති බව වාර්තා වනවා.

ජර්මනියේ සංචාරයක නිරත වීමේදී කොරෝනා වෛරසය වැලඳුණ බව දැන දැන මෙරටට පැමිණ එය වසන් කළ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුට සහ ඊට ආධාර අනුබල දුන් ඔහුගේ බිරියට එරෙහිව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ද පවරා තිබෙනවා.

මෙම නඩුව කොරෝනා වෛරස් රෝගය සම්බන්ධයෙන් මෙරට අධිකරණයක පැවැරූ පළමු නඩුවද වනවා.

තමාට කොරෝනා වෛරස් රෝග ලක්ෂණ ඇති වී තිබෙන බව දැනගෙන එම තොරතුරු වසන් කිරීම, සෞඛ්‍ය නිලධාරීන් ලබාදුන් උපදෙස්වලට අවනත නොවීම යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ඊට ආධාර අනුබල දීමෙ චෝදනාව යටතේ සැකකරුගේ බිරිඳට එරෙහිව නඩු පවරා තිබෙනවා.

​රෝග නිරෝධායනය හා වැළැක්වීමේ ආඥා පනතේ 4 වැනි සහ 6 වැනි වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් කර ඇතැයිද ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 262,263 සහ 264 යන වගන්ති යටතට ගැනෙන වරදවල් කර ඇතැයිද චෝදනා නගමින් අදාළ සැකකරුට සහ ඔහුගේ බිරිඳට එරෙහිව මෙම නඩුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබෙනවා.

Related posts

තෝරන් බස් අරගෙන නුවරඑළියේ ගියොත් ඉදිරියේදී වෙන්න යන දේ

colombotoday

රට දෙකඩ කරන ක්‍රිස්තියානි මූලධර්මවාදී මෙහෙයුම ගැන හින්දු සම්මේලනය කතා කරයි

colombotoday

තිළිණි ප්‍රියමාලි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Admin

හලාවත – මීගමුව පෞද්ගලික බස් වර්ජනය අවසන්

Admin

ISIS ගැන රජය අවධානයෙන්: ආරක්ෂක ලේකම් කියද්දී, ජනපති උපදේශක සාලි මරාගෙන මැරෙන්න යයි

colombotoday

දෙමටගොඩ චමින්දගේ පුතා පැදවූ සුපිරි රථය තවමත් පොලිසියට ඉදිරිපත් කර නෑ

colombotoday