30 C
Colombo
1 April 2025
Top StoriesWorld

කොරෝනා ඉවත දමා බංග්ලාදේශයේ ඉමාම්ගේ අවමංගල්‍යයට දස දහස් ගණනක් රැස් වෙති.

කොරෝනා වෛරස් රෝගීන් වැඩිවීම පාලනය කිරීම සඳහා බංගලාදේශ බලධාරීන් දැඩි පරිශ්‍රමයක යෙදෙන අතර තුර දස දහස් ගණනක ජනයා ඉස්ලාමීය දේශකයෙකුගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමේ පුවතක් බංගලාදේශයෙන් වාර්තා වෙයි.

නැඟෙනහිර සාරයිල් නගරයේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වන්නේ 50 දෙනෙකු පමණක් බවට පොලිසිය සමග මියගිය ජුබයර් අහමඩ් අන්සාරිගේ පවුලේ අය එකඟ වී තිබේ.

එහෙත් සිකුරාදා මියගිය 55 හැවිරිදි ජනප්‍රිය දේශකයාට ගෞරව දැක්වීම සඳහා පැමිණි පිරිස නැවැත්වීමට පොලිස් නිලධාරීන්ට නොහැකිව අසරණ වූ බව ප්‍රාදේශීය පොලිස් ප්‍රධානී ෂහදත් හුසේන් මාධ්‍යයට පැවසීය.

අවමංගල්‍යයට 100,000 ක් පමණ සහභාගී වූ බව සංවිධායකයෝ පැවසූහ. අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ සහායක ෂා අලි ෆර්හාඩ් ද 100,000 කට අධික පිරිසක් මෙම අවමංගල්‍ය උත්සවයට පැමිණ සිටි බව පැවසීය.

මිලියන 168 ක ජනතාවක් වෙසෙන බංගලාදේශයේ කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්ත වීම නිසා මාර්තු 26 වන දින සිට රට අගුලු දමා ඇත.

එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ සෙනසුරාදා දින පමණක් රෝගීන් 300ක් වාර්තා වී මුළු රෝගීන් සංඛ්‍යාව 2,200 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එදින තවත් මරණ 9 ක් වාර්තා වූ බවයි.

රටේ මුස්ලිම් පල්ලි 300,000 ක් ඇති අතර එම පල්ලිවල දේව මෙහෙයන් සඳහා සහභාගි වන පුද්ගලයින් සංඛ්‍යාව පස් දෙනෙකුට සිමා කර ඇත.

කෙසේ වෙතත් මාරාන්තික වෛරසයෙන් රට මුදා ගැනීම සඳහා දේව වැකි ගායනා කිරීම සඳහා පසුගිය මාසයේ දකුණු රයිපූර්හි පැවති මුස්ලිම් දේව මෙහෙයකට අවම වශයෙන් 25,000 ක් සහභාගී වී සිටියහ.

Related posts

ක්වොන්ටම් පරිගණක තාක්ෂණය හදුන්වා දීමට ඉන්දියාව සැලසුම් කරයි

colombotoday

ඇමරිකාවේ මීළග ජනපති හිලරිද? ට්‍රම්ප්ද? තීරණාත්මක සටන ඇරඹෙයි !

colombotoday

කාන්තාවන්ට හිස් ආවරණය හා අබාය අවශ්‍ය නෑ – සෞදි රජුගෙන් තවත් ප්‍රගතිශීලී තීරණයක්

colombotoday

ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකා හමුදා යවන්නේ නෑ

Admin

LTTE එක ගේන එකයි අපේ එකම අරමුණ – විජයකලා මහේෂ්වරන් : Video

colombotoday

දකුණු පිලිපීනයේ භූකම්පනයක්

colombotoday