Colombo Today Local News

තෙල්දෙණිය කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් සාජන් මේජර්වරයෙක් සහ පොලිස් පරික්ෂකවරයෙක් සොයා මෙහෙයුම්

මහනුවර දිස්ත්‍රික්කයේ සිදුවූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් යුද හමුදාවේ සාජන් මේජර්වරයෙක් සහ පොලිස් පරික්ෂකවරයෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාස ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් තවත් සැකකටයුතු පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවද සඳහන් කළ අදාළ ආරංචි මාර්ග, ඊට අදාළ සියලු විමර්ශන කටයුතු පොලිස්පතිවරයා විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයට පත්කර ඇතැයිද පවසයි. මේ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ කණ්ඩායම් තුනක් මහනුවර දිස්ත්‍රික්කයේ අදාළ කලහකාරී සිදුවීම් සිදුවූ ප්‍රදේශවල සීසීටීවී කැමරා දත්ත ලබාගෙන ඇති බවත්, ඒවායින් හෙළිකරගත් තොරතුරු මත ඉදිරි විමර්ශන සිදු කරන බවත් අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

අදාළ සාජන් මේජර්වරයා සහ පොලිස් පරීක්ෂකවරයා මේ කලහකාරී සිදුවීම් මෙහෙයවූ බවට සැකකරන ස්ථාන දෙකක රැඳී සිට ඇති බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අනාවරණය කරගෙන තිබේ.

(රාවය)

Related posts

සිප් සතර විකිණීම “ගුරු සේවයට තරම් නොවේ“

colombotoday

ජනපති මෙහෙයවන අදිසි හස්තයක් තිබෙනවා… 225ම යකඩ සපත්තුවට යට කරලා

Admin

75 වන ජන්ම දිනයත්, උතුම් පැවිදි දිවියේ 65 වන වර්ෂ සිහිකරන මහරගම ධම්මසිරි නාහිමියෝ

Admin

උතුරු නැගෙනහිර සතුන් මියා යාමට හේතුව මෙන්න

Admin

මඤ්ඤොක්කා පිටි කරන්න ස්වීඩනයෙන්, ඉන්දියාවෙන් එයි…

colombotoday

ශ්‍රීලනිප යෙන් ඒකාබද්ධ විපක්ෂයට ආරාධනාවක්

colombotoday