Colombo Today Local News

තේ පොහොර මිලට සහනයක්

කෘෂිකර්ම අමාත්‍යංශයේදී තේ පොහොර සහන මිලට ලබා දීම සඳහා ත්‍රෛපාර්ශවික ගිවිසුමට අද (29) අත්සන් තැබිණි.

කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම සමඟ ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය යන පාර්ශවයන් තුන නියෝජනය කරමින් එහි සභාපතිවරු ගිවිසුමට අත්සන් තැබූහ.

මෙම ගිවිසුම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර නිල වශයෙන් තේ මණ්ඩලයට සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට තේ පොහොර බාරදීම ද අමාත්‍යවරයා අතින් සිදු විය. එම අවස්ථාවන්ට අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ඇතුළු පිරිසක් සහභාගී වීය

රජයට අයත් ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් තේ වගාව සඳහා නිෂ්පාදනය කරන සුවිශේෂ පොහොර වර්ග පහක මිල ගණන් රුපියල් 2000කින් අඩු කර කුඩා හා මධ්‍යම පරිමාණ තේ වගාකරුවන්ට ලබා දීමට කටයුතු යොදා ඇති බව සදහන් වේ.

Related posts

ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදකලා බවින් ඉවතට

colombotoday

මහනුවර දළදා පෙරහැර ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යෝජනාවක්

colombotoday

ලංකාව – මාලදිවයින අතර සහයෝගීතා ගිවිසුමකට එළඹීමට අනුමැතිය

Admin

උසස් පෙළ හා ශිෂ්‍යත්වය ගැන අවසන් තීරණය මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරිමෙන් පසු

colombotoday

මොරටුව විශ්වවිද්‍යාලය ලබා දුන් ගෑස් වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලයි

colombotoday

හිගයකින් තොරව පොහොර දෙන්න ජනපතිගෙන් නියෝග

colombotoday