World

කොරෝනා වෛරසය ආසාදනය වූ ඉන්දීය තබ්ලික් ජමාත් සාමාජිකයෙකු උගුර කපාගෙන සියදිවි නසාගෙන.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අකෝලා හි රෝහලකදී තබ්ලිගි ජමාත් හි සාමාජිකයෙකු වූ 30 හැවිරිදි පුද්ගලයෙකු සියදිවි නසාගෙන ඇති බව India Today වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිකුරාදා සවස සිදුකල පරීක්‍ෂණයකදී තහවුරු වී ඇති අතර සෙනසුරාදා අලුයම සියදිවි නසා ගෙන ඇත.

වාට්ටුවේ සේදුම් කාමරයක් තුළදී බ්ලේඩ් තලයකින් උගුර කපාගෙන මෙම පුද්ගලයා සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ආරංචි මාර්ග වලට අනුව, මියගිය පුද්ගලයා ඇසෑම්හි උපන් අයෙකු වන අතර මාර්තු 6 සිට 8 දක්වා කාලය තුළ නවදිල්ලියේ නිසමුදීන් හි පැවති මර්කාස් උත්සවයට සහභාගී වීමෙන් පසු අනෙක් තබ්ලිගි ජමාත් සාමාජිකයින් සමඟ අකෝලා වෙත පැමිණ තිබේ.

කොවිඩ් -19 රෝග ලක්ෂණ උත්සන්න වීමෙන් පසු ඔහු රෝහල වෙත ගොස් දින කිහිපයකට පෙර ඇතුළත් වී තිබේ.

Related posts

පාකිස්ථාන හෙලිකොප්ටරයක් බලුකිස්තානයේදී අනතුරට ලක්වෙයි

Admin

උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි

colombotoday

රුසියානු හමුදා තව දවස් 10 ක් අල්ලන් හිටියොත් පුටින් පරදිනවා

colombotoday

ඉන්දියාවේ ගුවන් අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු මරුට

colombotoday

ඉන්දියානු මගීන්ට නවසීලන්තය වැසෙයි

colombotoday

මියන්මාර නායිකාවට ලබා දී තිබූ ගෞරව සම්මානයක් ක්ෂමා සංවිධානය ආපසු ගනී

colombotoday