Top StoriesWorld

මියන්මාර නායිකාවට ලබා දී තිබූ ගෞරව සම්මානයක් ක්ෂමා සංවිධානය ආපසු ගනී

මියන්මාර නායිකා අවුන්සාන් සුකී හට ලබා දී තිබූ ගෞරව සම්මානයක් ඉවත්කර ගැනීමට අන්තර්ජාතික ක්ෂමා සංවිධානය තීරණය කර තිබේ.

එම ආයතනය විසින් 2009 වසරේ පිරිනමන ලද ඔවුන්ගේ ඉහළතම ගෞරව සම්මානය මෙසේ ඉවත් කරගනු ලැබීය. එවකට ඇය නිවාස අඩස්සියේ පසුවිය.

ඊට හේතුව රොහින්ග්යා අර්බුදයයි. ක්ෂමා සංවිධානය පවසන්නේ, රොහින්ගයාවරුන් සම්බන්ධයෙන් ඇය කටයුතු කරන ආකාරය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවය.

අවුන්සාන් සුකීට පිරිනමා තිබූ ගෞරව සම්මානයක් මීට පෙර කැනඩාව විසින් ද ඉවත්කර ගනු ලැබීය.

මේවන විට සුකී 73වැනි වියෙහි පසුවේ.

Related posts

කොවිඩ් පතුරනවයි කියමින් බල්ලෝ මරලා

colombotoday

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ, මියගිය කොටින් සැමරීමට එරට රජය අවසර දෙයි

colombotoday

ප්‍රංශයට කොරෝනා ගෙනා දේවමෙහෙය

colombotoday

අල්ලස් ගැනීමේ වරදට රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් දැලේ!

Admin

චීනයේ වසාදැමුණු සිනමා ශාලා යළි විවෘත කිරීමේ සූදානමක

colombotoday

ලොව උසම සුනකයා මිය යයි

Admin