Colombo Today Local NewsTop Stories

රට වටේ නැගිටින්න හදන සුපර් මුස්ලිම්ලාට ක්‍රිස්තියානි සමාජයෙන් සැර පාරක්!

“ඇතැම් ඉස්ලාමීය සංවිධාන සහ දේශපාලකයින් ආගමික ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට උත්සාහ කරන අතර ඔවුන් අත්අඩංගුවට ගත යුතුයි”

සමස්ත ශ්‍රී ලංකා ක්‍රිස්තියානි කොංග්‍රස් පක්ෂයේ සභාපති සිවදර්ශන් විසින් ප්‍රකාශ කරන ලදී.

ඔහු මෙම ප්‍රකාශය සිදු කළේ අද (01) මඩකලපුවේදී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

සැලසුම් සහගත පාස්කු ඉරිදා ප්‍රහාරයට විසඳුමක් නොලැබීමේ පසුබිම තුළ සුපර් මුස්ලිම් වැනි ඇතැම් ඉස්ලාමීය සංවිධාන සහ ඇතැම් දේශපාලනඥයින් යළිත් ආගමික ප්‍රචණ්ඩත්වය ඇවිලවීමට උත්සාහ කරමින් සිටිති. එබැවින් රටේ ජනවාර්ගික සමගිය සහ සංහිඳියාව ආරක්ෂා වීමට නම් වාර්ගික හා ආගමික කෝලාහල ඇති කරන පුද්ගලයින් ද රජය විසින් අත්අඩංගුවට ගත යුතු බව ඔහු එහිදී කියා සිටියේය.

ආසන්නතම සිදුවීම ලෙස, ඊශ්‍රායලයට එරෙහිව ස්ටිකරයක් අලවමින් සිටි පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත් අවස්ථාව පෙන්වා හොහු, එම සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් දැක්වූ ප්‍රතිචාර පිළිබඳ අවධානය යොමු කොට සිටියේය.

ඉස්ලාම් සමාජය තුළ සිටින මෙවැනි දේශපාලන නායකයන් ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන බව ඔහුගේ අදහසයි.

එසේම, ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ ප්‍රශ්නය ජාත්‍යන්තර ප්‍රශ්නයක් වන බැවින් එම රටවලට එය විසඳා ගැනීමට ඉඩ දෙන ලෙසත් ජාතීන්, ආගම් කිහිපයක මිනිසුන් වෙසෙන මේ රට තුළට එවැනි ප්‍රශ්න ගෙන ආ යුතු නැති බවත් ඔහුගේ අදහසයි.

එසේම, ආරක්ෂක අමාත්‍යවරයා පවසා තිබෙන ආකාරයට නැඟෙනහිර කල්මුණේ ප්‍රදේශයෙන් හිස ඔසොවන සුපර් මුස්ලිම් ඉස්ලාමීය මූලධර්මවාදී සංවිධානය විසින් ආගමික අන්තවාදය පතුරවනවාද යන කරුණ පිළිබඳ අවධානය යොමු කිරීම අවශ්‍ය වන බවද ඔහු කියා සිටී.

“එයාලගේ වගේ වැඩ දැක්කම බයයි. සුපර් මුස්ලිම් සංවිධානය දැන් වැඩ පටන් අරන්. මේ සංවිධානය සහරාන්ගේ මූලධර්මවාදී චින්තනය වගේද? ඔවුන් සහරාන් කණ්ඩායම මෙන් දැවැන්ත බෝම්බ ප්‍රහාර එල්ල කරයිද? සැකයක් තියෙනවා”

ඔහු ප්‍රකාශ කරන ලදී.

වසර 30කට පෙර එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ වී සන්නද්ධ අරගලයට එක්ව සිට ඉන් ඉවත් වූ මුස්ලිම් තරුණයන් පුනරුත්ථාපනය කොට නොමැති බවත් ඔහු විශේශයෙන් අවඪාරණය කළ අතර, අවි පුහුණුව ලබා කොටි සංවිධානයෙන් ඉවත් වූවන් ආරක්ෂා කළ එවකට සිටි දේශපාලන නායකයන් කවුද? යන කරුණද ප්‍රශ්න කොට සිටී.

සටහන – කනගරාසා සරවනන්

Related posts

නීතිපති දෙපාර්තමේන්තුවේ නොසන්ඩාල හැසිරීම නිසා ඥානසාර හිමි සිරගත වුවා. නීතිපතිට චෝදනා

colombotoday

ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

Admin

ආරක්ෂක ලේකම් ධුරය යළිත් කමල් ගුණරත්නට

colombotoday

යුක්තියට තවත් 952ක් මාට්ටු

Admin

උසාවියට අපහාස කිරීම : සාක්ෂි විමසීම සදහා ඥාණසාර හිමි අද අභියාචනාධිකරණයට කැදවයි

colombotoday

එකම විසඳුම මහ මැතිවරණයක් – ආගමික නායකයෝ, විද්වත්හු අවධාරණය කරති.

colombotoday