Colombo Today Local News

උතුරේ ධිවර කටයුතුවල නිරත සිංහල ධීවරයන් වහා පිටව යනු – සුමන්තිරන්

උතුරු පළාතේ වඩමාරච්චි නැඟෙනහිර මරුදන්කේනි ප්‍රදේශයේ ධීවර කටයුතුවල නියුතු සිංහල ධීවරයන් කඩිනමින් එම ප්‍රදේශයෙන් ඉවත්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

මරුදන්කේනි ප්‍රදේශයේ දෙමළ ජනතාවට අයත් ඉඩම්වල ධීවර වාඩි සියයක් පමණ ඉදිකර ඇති බවත් එම වාඩිවල සිට ධීවර කටයුතුවල නිරත වන්නේ පිටස්තර ධීවරයන් බවත් මන්ත්‍රිවරයා සඳහන් කරයි.

පිටස්තර ධීවරයන් හේතුවෙන් මරුදන්කේනි ප්‍රදේශයේ ජීවත්වන පාරම්පරික ධීවරයන් දැඩි අපහසුතාවටත් පීඩාවටත් පත්ව සිටින අතර ඔවුන්ගේ දැඩි ඉල්ලීම වන්නේ මේ පිටස්තර ධීවරයන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම බවද සුමන්තිරන් මහතා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුව වෙත දැනුම්දීමට කටයුතු කරන බවත් ඊට සාධාරණ විසඳුමක් නොලැබෙන්නේ නම් මරුදන්කේනි ධීවරයන් හා එක්ව දැඩි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් කීය.

සුමන්තිරන් මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ මරුදන්කේනි ප්‍රදේශයේ පසුගියදා ධීවර ජනතාව හමුවූ අවස්ථාවේදීය.

Related posts

බාල ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු රිමාන්ඩ්

Admin

අලුත් නිකායක් හදතියි ලොකු තැන් කැළඹෙයි !

colombotoday

2022 අයවැය තෙවනවර කියවීම සම්මත වෙයි

colombotoday

බුදු දහම විකෘති කරන මධ්‍යස්ථාන 12ක් ලංකාව ඇතුලේ

Admin

ලහිරු තිරිමාන්නගේ මෝටර් රථය අනතුරකට ලක් වේ

Admin

රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගන්න – නීතිපතිගෙන් පොලිස්පතිට නියෝග

colombotoday