Colombo Today Local News

එජාප ප්‍රබලයන් දෙදෙනෙක් බැදුම්කරෙන් ලක්ෂ පනහක් අරන්….

එජාපය නියෝජනය කරන තරුණ රාජ්‍ය ඇමතිවරයෙක් සහ ප්‍රබල දේශපාලකවරියක් අර්ජුන් අලෝසියස්ගෙන් රුපියල් ලක්ෂ පනහක මුදලක් ලබාගෙන ඇති බවට බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලදී හෙළිව ඇතැයි “ඉරිදා දිවයින“ පුවත්පත වාර්තා කර තිබේ.

අදාළ රාජ්‍ය ඇමතිවරයා රුපියල් ලක්ෂ හතලිහක්ද, ප්‍රබල දේශපාලකවරිය රුපියල් දස ලක්ෂයක්ද පසුගිය මැතිවරණ ප්‍රචාරක කටුයුතු සදහා මෙසේ ලබාගෙන ඇතැයි එම වාර්තාව පවසයි.

“මොවුන් දෙදෙනා අර්ජුන් ඇලෝසියස්‌ගෙන් මුදල් ලබාගත් බවට ඔප්පු කළ හැකි සාක්‍ෂි ලැබී ඇති බවද විමර්ශන කණ්‌ඩායම් කියා සිටියි.

අර්ජුන් ඇලෝසියස්‌ මහතාගෙන් මුදල් සහ නොයෙකුත් වරප්‍රසාද ලබාගත් දේශපාලනඥයන් ඇතුළු තවත් ප්‍රබල පුද්ගලයන් රැසක්‌ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්‌ පැවැත්වෙන නිසා මේ පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළි කළ නොහැකි බවද විමර්ශන කණ්‌ඩායම් පවසයි.

කොළඹ කොම්පඤඤවීදිය ප්‍රදේශයේ පිහිටි පර්පචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන කාර්යාලය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා වටලා එය දැඩි පරීක්‍ෂාවට ලක්‌කර තිබිණි.

මෙසේ මුදල් ලබා ගත්තේයයි කියන තරුණ දේශපාලනඥයා රාජ්‍ය ඇමතිවරයකු වන අතර කලක්‌ අගමැති රනිල් වික්‍රමසිංහට විරුද්ධව ක්‍රියා කළ අයෙකි. දේශපාලනඥවරිය දැනට උසස්‌ තනතුරක්‌ හොබවන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක නොවන අයෙකි“ යැයි එම වාර්තාවේ දැක්වෙයි.

කෙසේ වෙතත් මේ පිළිබදව විමසීම සදහා දිවයින පුවත්පත සුජීව සේනසිංහ රාජ්‍ය ඇමතිවරයාව අමතා ඇති අතර, ඔහු පිළිතුරු දීම ප්‍රතික්ෂේප කර තිබේ. රෝසි සේනානායක මහත්මිය විදේශගතවී ඇති බැවින් ඇයව සම්බන්ධකර ගැනීමට නොහැකි වී ඇත.

Related posts

තවත් කොවිඩ් ප්‍රභේදයක් කැලිෆෝනියාවෙන් වාර්තාවෙයි

colombotoday

වසර තුනකට පසු ඉගිනිමිටියේ වාන් දොරටු හයම විවෘත කරයි

Admin

සංචාරය කරන්න සුදුසුම රටවල් 23 අතරට ශ්‍රී ලංකාවත්

Admin

මේ රට බේරගන්න ඉදිරිපත්වෙන්න සූදානම් බව හර්ෂ ද සිල්වා කියයි.

colombotoday

“ශ්‍රීලනිපය කැඩුවේ ජනපති මෛත්‍රීයි, එජාපය පරදන්න කොලෙන් හරි මලෙන් හරි අපි එනවා“ – දිලුම් අමුණුගම

colombotoday

ඒ නවය මාර්ගය දඹුල්ලෙන් වහසා ගොවීන් විරෝධයක

colombotoday