Colombo Today Local News

ඇඩම්ස්පීක් ගැලවෙයි… ශ්‍රීපාදස්ථානය ‘ගෞතම ශ්‍රී පාදස්ථානය’ ලෙස නම්වෙයි !!!

ශ්‍රී පාදස්ථානය “ගෞතම ශ්‍රී පාදස්ථානය” ලෙස නම් කිරීමට බෞද්ධ කටයුතු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා එකඟතාව පළකොට තිබේ.

ඇමැතිවරයා එසේ එකඟතාව පළකොට තිබෙන්නේ ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ කළ ඉල්ලීමකටය. ජාත්‍යන්තර වශයෙන් “ඇඩම්ස් පීක්” ලෙස හඳුන්වන ශ්‍රී පාදස්ථානය ඉදිරියට “ගෞතම ශ්‍රී පාදස්ථානය ලෙස නම් කරදෙන ලෙස තමන්වහන්සේ ඇමැති ජයවික්‍රම පෙරේරා මහතාගෙන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව එය ඉටුකර දීමට ඇමැතිවරයා එකඟවූ බව නාහිමියෝ පවසති.

මෙවර වන්දනා වාරයේ වන්දනාකරුවන්ට පහසුකම් පැපයීම පිළිබදව (02) වෙනිදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කර්යාලයේ පැවති සාකච්ඡාවකදී ධම්මදින්න නාහිමියෝ මේ බව කියා සිටියේය.

Related posts

බස්නාහිරට ඇතුළුවන හා පිටවන ස්ථාන 14ක විශේෂ සෝදිසි මෙහෙයුමක්

colombotoday

IOC තෙල් ප්‍රවාහන රථ සියල්ලම සේවයට කැඳවයි

colombotoday

ප්‍රීමා දුම්රියේ එන්ජිම රාගමදී පීලි පනී

Admin

‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා 50,000ක් අද දිවයිනට

colombotoday

19වන දා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විවෘත වන්නේ, කලින් දින හා වේලාවන් වෙන් කර ගත් අයදුම්කරුවන්ට පමණයි

colombotoday

කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබීම අරඹයි

Admin