Colombo Today Local NewsTop Stories

ආණ්ඩුකාර නියෝගය නොතකයි. මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව ශ‍්‍රී පාදයේ නම ශීව පාදම් ලෙස වෙනස් කරයි

කිසිදු පාර්ශවයක් සමග සාකච්චා නොකොට මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව මගින් පසුගියදා සම්මත කර ගත් යෝජනාවක් අනුව ශ‍්‍රී පාදස්ථානයට ඇතුල්වන ස්ථානය ශිව පාදම් ලෙස වෙනස් කිරීමට ගත් තිරණය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ඊයේ (7) උදෑසන නියෝග කර තිබියදී එම නියෝගය නොතකා මස්කෙළිය ප්‍රාදේශීය සභාව අත්තනෝමතික ලෙස අද(8) උදෑසන “ශිව පාදම්” ලෙස සඳහන් නාම පුවරු සවිකර ඇති බව වාර්තා වෙනවා…

ආගමික සංහිදියාවට බලපෑමක් එල්ලවිය හැකි මෙවැනි කටයුතු කිරීමට පෙර සියලු පාර්ශව සමග සාකච්චා කර සියල්ලගේ සම්මුතියෙන් සිදු කල යුතු බවට ආණ්ඩුකාරවරයා පලාත්පාලන කොමසාරිස්වරයා හරහා මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව වෙත ඊයේ අදාළ නියෝගය කරමින් දන්වා තිබියදීත් ආණ්ඩුකාරවරයාගේ නියෝගයට පිටතින්, ආගමික ගැටුමක් සඳහා දුරදිග යා හැකි තීරණයක් ක්‍රියාත්මක කිරීමට තරම් බලයක් මස් කෙලිය ලැබුනේ කෙසේද යන්න සොයා බැලිය යුතුව ඇත.

මෛත්‍රී ගුණරත්න මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ නියෝගය ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව අදාල නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට එතුමා ක්‍රියා කරමින් සිටින බවට ආණ්ඩුකාර කාර්යාලයෙන් වාර්තා වෙන අතර ජනතාවගෙන් වැටුප් ලබමින් අත්තනෝමතිකව ක්‍රියා කරන මෙවැනි නිලධාරීන් රාජ්‍ය සේවයෙන්ම පන්නා දැමිය යුතුව ඇති අතර ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ගවලදී ජනතා ආශීර්වාදය ආණ්ඩුකාරවරයාට හිමිවනු නියතය.

මේ වන විට සවිකර ඇති නාම පුවරුව…
https://colombotoday.com/%e0%b7%81%e2%80%8d%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%b4%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b1%e0%b6%b8-%e0%b7%81%e0%b7%93%e0%b7%80-%e0%b6%b4%e0%b7%8f%e0%b6%af%e0%b6%b8%e0%b7%8a/

Related posts

රතන හිමිගේ අලුත් විප්ලවය හෙට ඇරඹෙයි !

colombotoday

ජනපතිගේ මානසික වෛද්‍ය වාර්තාවක් ඉල්ලා පෙත්සමක් ගොනු කරයි ‌

colombotoday

රණවිරුවන් යුද අධිකරණයට ගෙනයන්න හදන වන්දිභට්ටයිනි මෙය කියවනු !

colombotoday

ව්‍යාජ ඩොලර් මුද්‍රණයේ ජාවාරමක ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday

“පණුවන් සහිත ටින් මාළු අඩංගු කන්ටේනර් 6 ය වහාම සෞඛ්‍ය අමාත්‍යාංශ භාරයට ගන්න.”

colombotoday

කිළිනොච්චියේදී මිලේච්ඡයෝ දුර්ලභගනයේ දිවියෙකු මරා දමමින් කළ අහස පොළව නුහුලන අපරාධය

colombotoday