Covid 19

පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ සැකකරුවන් 16කට කොරෝනා

වවුනියාව පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටි සැකකරුවන් 16දෙනකු කොවිඩ් – 19 වයිරසය ආසාදනය වී අද(28) හදුනාගත් බව වවුනියාව සෞඛ්‍ය අංශ කියයි.

කොරෝනා ආසාදනය වී ඇත්තේ, එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම හා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා ප්‍රශ්න කරමින් සිටි 16 දෙනකුටය.

පසුගිය 25 වැනිදා උණ රෝගී තත්වයක් හේතුවෙන් වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටි සැකකරුවකු වවුනියාව මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකදී ඔහුට කොවිඩ් – 19 වයිරසය ආසාදනය වී ඇති බව හදුනාගැනිණි.ඒ අනුව ත්‍රස්ත විමර්ශන ඒකකය යටතේ රඳවා සිටි සෙසු සැකකරුවන් 30 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණයට යොමුකර ඇත. ඒ අනුව, මෙම පිරිස ආසාදිතයන් බව තහවුරු වී තිබේ.

පොලිසිය පැවසූයේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් වෙතද පී.සී.ආර් පරීක්ෂණය සිදුකළද එම නිලධාරීන් කිසිවෙකු වයිරසය ආසාදනය වී නැති බවය. සෙසු සැකකරුවන් 13 දෙනා පොලිස් ආරක්ෂාව යටතේ නිරෝධායනයට යොමුකිරීමට පියවරගෙන ඇතැයිද පොලිසිය පැවසීය.

ආසාදිත සැකකරුවන් පොලිස් ත්‍රස්ත විමර්ශන නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුකිරීමට නියමිත බවද වවුනියාව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

Related posts

කොවිඩ් ආසාදිතයන් ගණන 1209 දක්වා ඉහලට

colombotoday

ළමා රෝහලේ කොවිඩ් ආසාදිත බිළිඳුන් 150 ක්

colombotoday

මගී ගුවන් යානා සඳහා ලංකාවට ඇතුල්වීමේ තහනම දිගටම

colombotoday

ඇතිමලේ පොලිසියේ තවත් 30කට කොරෝනා

colombotoday

ගාල්ල බද්දේගම පාසල් සිසුවියකට කොවිඩ් ආසාදනය වෙයි

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 1,010ක්

colombotoday