Colombo Today Local News

යාපනයේදී පොලිස් ජිප් රථයක් හොරු අරන්

යාපනය, කොඩිකාමම් පොලීසියට අයත්ව තිබු ජිප් රථයක් පැහැරගත් සැකකරුවන් පිරිසක් අදාළ ජිප් රථය සමඟින් අත්අඩංගුවට ගත් බව යාපනය කොඩිකාමම් පොලීසිය පවසයි.

ඊයේ(11) රාත්‍රි‍යේදී එම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

කොඩිකාමම්, කච්චායි, පාලවි ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට ගොස් ජිප් රථය නවතා තිබියදී කණ්ඩායමක් ජිප් රථය පැහැර ගැනීම සිදුකොට ඇති බවයි.

එහිදි ක්‍රියාත්මක වු පොලිස් නිළධාරීන් ජිප් රථය හඹා ගොස් සැකකරුවන් හා ජිප් රථය අත්අඩංගුවට ගත් බවද පොලීසිය පැවසීය.

අදාළ අවස්ථාවේ සැකකරුවෙකු හා ජිප් රථය අත්අඩංගුවට ගත් අතර, අනතුරුව තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන බවද පොලීසිය සඳහන් කළේය.

පොලිසිය වැලි ජාවාරම්කරුවන් වැටලීමට ගිය අවස්ථාවේ ජාවාරමට සම්බන්ධ පිරිසක් ජිප් රථය රැගෙන පළාගොස් ඇති බවට යාපනය ආරක්ෂක අංශ පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි

Related posts

නිවසේ නිදා සිටි තරුණියට වහලෙන් පෙට්ට්‍රල් දමා ගිනි තියලා

colombotoday

සයිටම් තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

අගමැති විශේෂ ප්‍රකාශයකට සැරසෙයි !

colombotoday

ශ්‍රීලනිපයෙන් කොළඹට අසාද් සාලි !

colombotoday

විශේෂ ජනාධිපති කොමිෂන් සභාව ට නව සාමාජිකයෙක්

colombotoday

විල්පත්තුව ගැන මට තනි තීරණයක් ගැනීමට බෑ… ජනපති අගමැති සහ ඒ ඇමතිතුමා සමග සාකච්ඡා කළ යුතුයි

colombotoday