6 April 2025
Colombo Today Local News

රජයේ රෝහල්වල ගිලන්රථ ටයර් නැතිව කොට උඩ. | වෙනත් රෝහලකට මාරු කිරීමේදී ඇතිවූ ප්‍රමාදයකින් රෝගියෙක් මරුට.

රජයේ රෝහල් කිහිපයක් සතු ගිලන් රථ වල ටයර් නොමැතිවීම නිසා මේ වන විට එම ගිලන් රථ ධාවනයෙන් ඉවත් කර ඇති බවත් තවත් ගිලන් රථ වල ටයර් ගෙවී ඇති නිසා ධාවනය කරන්නේ අනතුරුදායක ලෙස බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කර සිටිනවා. එම හේතුව නිසා ඊයේ දිනයේදී ගාල්ල ප්‍රදේශයේ රෝහලකින් රෝගියෙක් වෙනත් රෝහලකට මාරු කිරීමේදී ඇතිවූ ප්‍රමාදයකින් එම රෝගියා මිය ගොස් ඇති බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

තවද හදිසි අනතුරකට භාජනය වී කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ආපානශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා තමාට බිම වැතිර සිටීමට නොහැකි බව පවසා නිදා ගැනීමට ඇදක් ඉල්ලා සිටිම හේතුවෙන් අදාල වාට්ටුවේ වෛද්‍යවරයා විසින් රාජකාරියට බාධා කල බව පවසා රෝහල් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් සඳහන් කර සිටින විතානගේ මහතා වහාම රෝහල් පද්ධතිය පිළිබදව සොයා බලන ලෙසට බලධාරීන්ට උපදෙස් දෙන ලෙස ජනාධිපතිතුවරයාගෙන් ඉල්ලා සිටියි..

Related posts

කොමිෂන් සභා සාමාජිකයන් පත් කිරීම මේ සතියේ අවසන්

Admin

කටුපොල් වගාව නතර කිරිමට කැබිනට් අනුමැතිය !

colombotoday

රාජ්‍ය ආයතන 420ක ලොක්කන් අක්‍රමිකතා ගැන විමසන්න කෝප් කමිටුවට කැඳවයි

Admin

කරන්දෙණිය දිසා රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම අද සිට

colombotoday

කොළඹ නැවු තටාකංගනයේ 16කට කොරෝනා.. වරායේ සියළු සේවකයන් අවදානමක

colombotoday

වැලිගමින් පිළිකා කාරක අඩංගු පරිප්පු කිලෝ 3150ක් හමුවෙයි

colombotoday