Colombo Today Sports NewsUncategorized

අවසන් තරගයේ ජය ඇෆ්ගනිස්තානයට

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තෙවැනි සහ අවසන් 20යි 20 තරගයෙන් ඇෆ්ගනිස්තානය ලකුණු 03කින් ජයක් වාර්තා කිරීමට සමත් විය.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුහු පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 209ක් රැස් කළ හ.

රහමනුල්ලා ගුර්බාස් ලකුණු 70ක් රැස් කළ අතර, හස්රතුල්ලා සසායි ලකුණු 45ක් රැස් කළේ ය.

පන්දු යැවීමේ දී අකිල ධනංජය සහ මතීෂ පතිරණ අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකාවට කඩුලු 06ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 206ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක යෙදුණු පැතුම් නිස්සංක ලකුණු 60ක් රැස් කළේ ය.

නමුත් අවාසනාවන්ත ලෙස ආබාධයකට ලක් වීම නිසා ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු විය.

පැතුම්ගේ ඉවත් වීමෙන් පසු ශ්‍රී ලංකා ඉනිමේ බර කරට ගත් කමිඳු මෙන්ඩිස් ලකුණු 65ක් රැස් කළේ ය.

Related posts

තවත් වෙඩිල්ලකට බිලිවූ ජීවිතයක්

Admin

සජබ සහකාර ලේකම් ධුරය කාවින්ද ජයවර්ධනට

colombotoday

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අද වැඩ වර්ජනයක්

Admin

රසායනික අවි ප්‍රහාර වැළැක්වීම ගැන මැතිසබයට පුහුණුවක්

Admin

සුපිරි නගර ව්‍යාපෘතිය ගෝඨාගෙන් චම්පික අතට, ‘‘මෙගා පොලිස්‘‘ සැලසුමට කෝටි 5 ක් වෙන්කරයි.

colombotoday

කොවිඩ් ආසාදිත ප්‍රවීන්ට ටෙස්ට් තරඟයක් අහිමිවෙයි

colombotoday