Colombo Today Local NewsColombo Today Sports News

“සූදු කාරයෝ ක්‍රිකට් විනාශ කරලා.. ක්‍රිකට් ගොඩගන්න නායකත්වය මට දෙන්න” – අර්ජුන

arjuna

ක්‍රිකට් ක්‍රීඩාව මේ වනවිට මුහුණ දී ඇති අර්බුධයෙන් ගොඩ ගැනීමටනම් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර ක්‍රිකට් පරිපාලනය සදහා අතුරු පාලක කමිටුවක් පත් කරන්නැයි වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා පිහිටුවන අතුරුපාලක කමිටුවට නායකත්වය දීමට තමන් සූදානම් බවද ක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම හමුවේ ගොනු කළ පැමිණිල්ලේ ප්‍රකාශය ලබාදීමෙන් පසුව මාධ්‍ය හමුවේ අද අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

හෙතෙම එහිදී මෙසේද පැවසීය.

“අපි ක්‍රිකට් ක්‍රීඩාව යම්කිසි තැනකට ගෙනාවා. ඉදිරියේදී මම ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් දැනුවත් කරනවා, ක්‍රිකට් ක්‍රීඩාව බේරගන්න අවශ්‍ය නම් සූදු කාරයින්ගේන් ක්‍රිකට් ක්‍රීඩාව ඉවත් කරගෙන, හොරුන් ඉවත් කරලා සුදුසු පුද්ගලයෝ එතනට දාන්න කියලා. මොකද ක්‍රිකට් පාලක මණ්ඩලය මේ විදියට ගියොත් අනිවාර්යයයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව තව විනාශයකට යනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අතුරුපාලක මණ්ඩලයක් දාන්න ඕන. මම ක්‍රිකට් ක්‍රීඩා භාර ගන්නවා හොඳ කණ්ඩායමක් එක්ක. අරගෙන මම හදනවා.

“ලෙස්ටර් පිකොට්ලා වගේ අය ගෙන්නලා තමයි දැන් ක්‍රිකට් දුවන්න හදන්නේ. ක්‍රිකට් බෝඩ් එකේ අපේ පින්තූරත් ගලවලා අස්සයන්ගේ පින්තූරලු ගහන්නේ. නමුත් අතුරු පාලක කමිටු තිබ්බම හොරකම් කරන්න බැහැ. අතුරු පාලක මණ්ඩලයේ මමත් අවුරුද්දක් විතර හිටියා. අපි කාටත් හොරකම් කරන්න දුන්නේ නැහැ. මම වගකීමකින් කියනවා අතුරුපාලක මණ්ඩලයේ ඉන්න කාලේ එක එක්කෙනාට මුදල් දීලා ඡන්ද ව්‍යාපාරවලට යන්න අවශ්‍ය වන්නේ නැහැ. මේනිසා අතුරු පාලක මණ්ඩලයත් එක්ක ක්‍රිකට් ක්‍රීඩාව හොඳ තත්ත්වයකට ගියා. බලපෑම් ආවේ නැහැ. අද මට තියෙන ප්‍රශ්නය ක්‍රීඩා ඇමතිවරයා කවුද කියන එක. අද ක්‍රිකට් සම්බන්ධයෙන් තීරණ ගන්නේ ක්‍රීඩා ඇමතිවරයා නෙමෙයි. අද ක්‍රිකට් පරිපාලනය කරන්නේ බුකීකාරයෝ සහ ව්‍යාපාරිකයෝ. එම පුද්ගලයින්ගේ අවශ්‍යතා මත තීරණ ගන්නේ. අපි දැක්කා පසුගිය නිලවරණයේදී තමන්ගේ ඡන්ද ව්‍යපාරයට උදව් කළ අයට ක්‍රිකට් පාලක මණ්ඩලයේ රැකියා ලබා දී තියෙනවා. ඒ සඳහා ලක්ෂ ගණනින් මුදල් වියදම් කරනවා. නමුත් ක්‍රීඩා ඇමැතිවරයා කටවහ ගෙන ඉන්නවා. අද ක්‍රිකට් පරිපාලනයේ ඉන්න අයට ක්‍රිකට් ක්‍රීඩාව කරන්න බැරිවුණ නිසා, රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න බැරි වුණ නිසා මේ ව්‍යාපාරිකයෝ ඇවිල්ලා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරලා යන්නයි හදන්නේ. මම හිතන්නේ මහජනතාව ඒ ගැන හොයලා බලන්න ඕන. ”

Related posts

වන සතුන් නිසා වාර්ෂිකව 40% ක වගා හානියක්

colombotoday

තිස්ස අත්තනායක අලුත් පිම්මකට සැරසෙයි !

colombotoday

හිට්ලර් ප්‍රකාශය ගැන ආණ්ඩුවේ, රාජ්‍ය මාධ්‍යයේ මඩ ප්‍රහාර වලට අස්ගිරි අනු නාහිමියෝ ධර්මයෙන් පිළිතුරු දෙති

colombotoday

ඊයේ හදුනා ගත් කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු – ගැබිණි කාන්තාවකුත් ඒ අතර

colombotoday

පාර්ලිමේන්තුවට කොළේවසා, අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට ලංකාව ගොදුරුකළ හැටි

colombotoday

තෙල් සංස්ථා සේවකයින්ගේ විරෝධතාවයක්… කොළඹ ලංකා බැංකු මාවත වැසේ

colombotoday