සේරුවිල රජ මහා විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ලෙස පෙනී සිටින මහමෙවුනාවේ අලුදෙනියේ සුබෝධි හිමි අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ සංඝ සභාවෙ සාමාජිකත්වයෙන් සහ එම සංඝ සභාවේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කර ඇති බව ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ වැඩ බලන ලේඛකාධිකාරී අම්බලන්ගොඩ සුමේධානන්ද හිමි විසින් අද (4) පැවැත්වූ මාධ්‍ය හමුවකදී නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර සිටියා.
සේරුවිල රජ මහා විහාරයේ විහාරාධිපති ධූරය සම්බන්ධයෙන් විධායක සංඝ සභාවට එරෙහිව කටයුතු කරන භික්ෂූන් වහන්සේලාට ආයති සංවරයේ පිහිටුවීම සඳහා තවදුරටත් ඉඩකඩ තිබෙන බවත් එසේ නොකරන්නේනම් තවත් පියවර ඉදිරියේදී ගන්නා බවත් වැඩබලන ලේඛකාධිකාරී හිමියෝ අවධාරණය කරන ලදි.