කොළඹ, මෝදර වීදිය ප්රදේශයේ අවන්හලක් අසළ දී වෙඩි තැබීමක් සිදුව තිබේ.
එයින් එම අවන්හලේ කලමණාකරු ලෙස කටයුතු කල පුද්ගලයෙකු මෙලෙස තුවාල ලබා තිබේ.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඊයේ (13) රාත්රියේ වෙඩි තැබීම සිදු කර ඇති බව පොලීසිය පැවසුවේය.
තුවාල ලැබූ අදාළ අවන්හලේ කළමනාකරු ලෙස සේවය කළ මොහු 51 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් සොයා පරීක්ෂණ ක්රියාත්මක බව පොලීසිය පවසයි.