නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන මැයි 08දා දේශපාලන පෙරළි රැසක් සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.
පෙරළි මොනවාදැයි දැන්ම නොකියන බවත් ඊළග පාර්ලිමේන්තු සැසිය ඇරඹුනු සැනින් ඒවා දැකබලාගත හැකි බවත් පවසන දිසානායක මහතා ආණ්ඩුවට සිතාගත නොහැකි දේශපාලන සිදුවිය හැකි යයිද කීය.
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අප්‍රේල් 25 හෝ ආසන්න දිනකදී රැස්වන බවත් ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට වන යෝජනාව එහිදී ස්ථිරවම සම්මත කර ගන්නා බවත් ඔහු කියා සිටී.