Colombo Today Local News

මගේ හිතෙත් අන්තවාදීන්ට ඉඩ නෑ, අන්තවාදී “තව්හීද් ජමාත්” ලොක්කාට මරික්කාර්ගෙත් විරෝධය (Voice)

මීට පෙර අවස්ථාවක රටින් පිටුවහල් කරනලද තව්හීද් ජමාත් නමින් හැදින්වෙන අන්තවාදී ඉස්ලාමීය සංවිධානයක ප්‍රධානියකුගේ ලංකාවට පැමිණීම සම්බන්දයෙන් මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි හෙළිදරව් කිරීමත් සමග කොළඹ මුස්ලිම් සමාජය තුළ දැඩි නොසන්සුන්තාවයක් හට ගෙන ඇත. මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන දේශපාලන නායකයින් බොහෝමයක් එම පුද්ගලයා ලංකාවට ගෙන්වීමට එරෙහිව සිටියත් ආණ්ඩුව අභ්‍යන්තරයේ බලය පිහිටුවාගත් ඔවුන්ට වඩා බලවත් අදිසි හස්ථයක මැදිහත් වීම නිසා අදාල අන්තවාදියාගේ අගමනය නැවැත්වීමට ආණ්ඩුව මැදිහත් නොවන බවට මැදහත් මුස්ලිම් ප්‍රජාවෙන් චෝදනාවක් එල්ල වනවා.

මේ පිළිබදව අප සමග අදහස් දක්වමින් කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් පැවසූයේ මෙම පුද්ගලයාගේ ආගමනයට රජයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් සියළු දෙනාගේ ආගමික ඇදහීමේ අයිතිය රජය පිළිගන්නා නමුත් රට තුළ ආගමික ගැටුම් ඇති කිරීමේ අරමුණින් පැමිණෙන් අන්තවාදීන්ට ඉඩ දිය නොහැකි බවත්ය. ඉස්ලාම් ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් අදාල පුද්ගලයාට අවසර දී නැති බවත් ඔහු පවසනවා. තව්හීද් ජමාත් සංවිධානය සහ එහි ප්‍රධානි ජයිනුල් ආබ්දීන් නමැත්තා අන්තවාදීන් වන බවත් එනිසා තමන්ද ඔහුගේ පැමිණීමට දැඩි ලෙස විරුද්ධ වන බවත් ඔහු පවසනවා.  මරික්කාර් මහතා දැක්වූ අදහස් පහතින්.

011

 

මේ අතර අදාල පුද්ගලයා විසින් 8 වනදා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සූදානම් වන දේශනයට මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයේ අවසර ලබා දි නැති බව එස් එම් මරික්කාර් පැවසුවත් තව්හීද් ජමාත් සංවිධානයේ ලංකාවේ ප්‍රධානියා වන අබ්දුල් රාසික්දීන් පවසන්නේ මුස්ලිම් කටයුතු ඇමතිවරයා මේ සදහා තමන්ට අවසර දුන් බවයි.

 


 

මධ්‍යම පළාත්සභා මන්ත්‍රී අසාද් සාලිගේ හෙළිදරව්ව.

Related posts

තව්හීද් නැමදුමක් සඳහා ක්‍රීඩාංගනයක් කොළඹ නගර සභාවෙන් ලබා දෙයි

colombotoday

ජල බිල්පත් නියමිත කාලයේ දි ගෙවීමට පියවර ගන්න

colombotoday

ආචාර්ය වික්ටර් රත්නායකට ඕස්ට්‍රේලියාවෙන් ලැබුණු සම්මානය

colombotoday

රිෂාඩ් බදියුදීන් හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවට එවන්න. | වේත්‍රධාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වයි.

colombotoday

“ජනපතිට පොලිසිය ගැන ඕන දෙයක් කියන්න පුළුවන්.. අපට ඒක ප්‍රශ්නයක් නෑ“ – පොලිස්පති

colombotoday

වන්නි දිස්ත්‍රික්කය මුලතිව් – 86%කින් සජිත් දිනුම් !

colombotoday