Colombo Today Local NewsHot News

තව්හීද් ජමාත් සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ඇමති චම්පික රණවක?

sljtsතමිල්ණාඩුවේ වෙසෙන ජයිනුල් ආබ්දීන් නමැත්තා විසින් රචිත කුරානයේ දෙමළ පිටපතේ සිංහල පරිවර්තනය එළිදැක්වීම සදහා ඔහු ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන අතර ඔහු සහ ඔහු නායකත්වය දරණ තව්හීද් ජමාත් සංවිධානය අන්ත මූලධර්මවාදී සංවිධානයක් බව සදහන් කරමින් ඔහු ලංකාවට පැමිණීමට එරෙහිව මුස්ලිම් සමාජය තුළ දැඩි විරෝධයක් මතුව තිබේ. ලබන 8 වනදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දි පැවැත්වීම නියමිත අදාල උත්සවයේ ප්‍රධාන ආරාධිතයෙකු ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහභාගී වන බවත් ඔහුගේ සහභාගී වීම ස්ථීර කර තිබෙන බවත් ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ ප්‍රධානී අබ්දුල් රාසික්දීන් ColomboToday වෙත පවසා සිටියා.


ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයට විරුද්ධව සම්බුදු හිමියන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩුවක්ද පවරා තිබෙනවා. මුස්ලිම් සමාජය අන්තවාදයකට ගෙන යාමට ඔවුන් කටයුතු කිරීම පිළිබදව මුස්ලිම් දේශපාලන නායකයන් ඇතුළු සිවිල් සංවිධානවලින් විවිධ අවස්ථාවල ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයට චෝදනා එල්ලවුණා. ඔවුන් විසින් ලංකාවට කැදවීමට නියමි ජයිනුල් ආබ්දීන් සහභාගී වන අදාල උත්සව අවස්ථාවට අමීර් අලී, රවූෆ් හකීම්, සජිත් ප්‍රේමදාස, රන්ජන් රාමනායක, තිලක් මාරපන, රාජිත සේනාරත්න, රවී කරුණානායක, රිෂාද් බදියුද්දීන් ඇතුළු මැති ඇමති පිරිසක්ද සහභාගී වන බවයි තව්හීද් ජමාත් සංවිධානය පවසන්නේ.

 

Related posts

මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 57ක් නාවික හමුදා බාරයට

colombotoday

තරුණියක් නිසා ලාංකික සගයාව ව්‍යාජ ත්‍රස්ත කුමන්ත්‍රණයක පැටලවූ බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් ක්වාජාගේ සොහොයුරා පිළිගනී

colombotoday

බදියුදීන් බිලියන ගණනක් රටින් පිට කිරීමේ සූදානමක !!

colombotoday

නව මැතිවරණ පනතට අනුමැතිය

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

Admin

මැතිවරණ කොමිසමට බලපෑම් කිරිමට කිසිවෙකුටත් නොහැකියි – මැකෝ

colombotoday