Colombo Today Local News

ඉඩමට විඳින්න රුපවාහිනී අභ්‍යාස ආයතනය වසා දැමීමට යයි

ජනමාධ්‍ය අමාත්යංශය යටතේ පාලනය වූ රුපවාහිනී අභ්‍යාස ආයතනය මීට මාස කිහිපයකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පවරා ගනු ලැබුවා. ඉන්පසු එහි පාලනය ශ්‍රී ලංකා පදනම් ආයතනය විසින් බාරගනු ලැබුවා. ඒ අතර තුර අභ්‍යාස ආයතනයේ සභාපති ඇතුළු කාර්යමණ්ඩලයේ කිහිප දෙනෙකු ඉවත්ව ගියේ එම තීරණයට විරෝදය දක්වමිනි.

ඒ වනවිට ලාබ ලබමින් පවත්වාගෙන යන ආයතනයක් ලෙස රුපවාහිනී අභ්‍යාස ආයතනය පැවතිනි. කෙසේ වෙතත් අද වන විට එහි තත්වය ඉතාමත්ම සෝචනීය තත්වයකට පත්ව ඇත. මේ සඳහා, පදනම් ආයතනයේ සභාපතිවරයා වෙන සරත් කෝන්ගහගේගේ පරිපාලන නොහැකියාව හේතු වී ඇති බව පදනම් ආයතනයේ සේවකයෝ සඳහන් කර සිටිති.

මේ වන විට නිසි වෙලාවට සේවකයින්ට වැටුප් නොගෙවන අතර සම්පත් දායකයන් ලෙස සිටි විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ ප්‍රවීන මාධ්‍යවේදීන් සඳහා ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් ඔවුන් සේවයෙන් ඉවත්ව ඇත. පාඨමාලා හැදෑරු සිසුන් සඳහා සහතික පත් නිකුත් කිරීම වත්මන් පාලනය ප්‍රතික්ෂේප කර ඇත්තේ පැරණි පාලනය යටතේ හැදෑරු පාඨමාලා සඳහා සහතික පත් ලබා දිය නොහැකි බව පවසමිනි.

සැබවින්ම මෙම ආයතනය වසා දැමීමේ අරමුණ හාත්පසින්ම වෙනත් කාරණයක් බව ශ්‍රී ලංකා පදනම් ආයතන ආරංචි මාර්ග සඳහන් කර සිටියි. රුපවාහිනී අභ්‍යාස ආයතනය පිහිටි භුමිය ජනාධිපති කාර්යාලයේ ව්‍යාපෘතියක් සඳහා ලබා දීමට සිදුව ඇති බව සභාපතිවරයා නිරන්තරයෙන් සඳහන් කරයි. අක්කර එක හමාරකින් යුත් මෙම ඉඩමේ වර්තමාන වටිනාකම රුපියල් බිලියන ගණනක් වෙයි. (පර්චසයක් රුපියල් ලක්ෂ 250ක් පමණ). කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ නම ඈදා ගනිමින්, සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සුදානම් බව පවසමින්, ව්‍යාපෘතිය සඳහා මෙම දිනවල පෞද්ගලික විදෙස් ආයෝජකයන් සෙවීම අරඹා ඇත.

අවුරුදු 35ක් පමණ පැරණි එකම රාජ්‍ය, රුපවාහිනී අභ්‍යාස ආයතනය පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීම සඳහා හිතාමතා විනාශ කර දැමීමේ ක්‍රියාවලිය පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමට මාධ්‍ය සංවිධාන ගණනාවක් මේ වනවිට සුදානමින් සිටියි.

Related posts

තෙවරප්පෙරුමට, රණවීරට පාර්ලිමේන්තුව තහනම්

colombotoday

2020 විධායක අගමැති සිහිනයෙන් ජනපති ක්‍රමය අහෝසි කරන කැබිනට් පත්‍රිකාව හෙට – Colombo Today නොවැම්බර් 9 හෙළිදරවුව ඇත්තක් වෙයි

colombotoday

ඇඳිරි නීතිය හේතුවෙන් කොළඹ වාතයේ සහ ජලයේ ගුණාත්මක අගයන් ඉහළට

colombotoday

විශ්වවිද්‍යාල ආචාර්යවරු අද දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක

Admin

දෙමළ ජනතාව බිල්ලට දෙන දෙමල සන්ධානයේ අසත්‍ය ප‍්‍රචාරවලට මුලා නොවන්න. | ආනන්ද සංගරී.

colombotoday

ඔබ තමයි ශ්‍රී ලංකාවේ වීරයා. ඔබ ආඩම්බර වෙන්න. – විරතු හිමිගෙන් ඥානසාර හිමිට පණිවුඩයක්

colombotoday