Top StoriesWorld

ස්කයිප් ලොවින් සමුගනී!

2003 වසරේදි ආරම්භ කරනු ලැබු දශක දෙකකට වැඩි කාලයක් ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයින් භාවිත කළ වීඩියෝ ඇමතුම් සේවාවක් වූ, මයික්‍රොසොෆ්ට් සමාගම අයත්ව තිබූ ස්කයිප් යෙදුම අද (05) සිට වසා දමන බව එම සමාගම නිවේදනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ මෙම සේවාව වත්මන් තාක්ෂණයත් සමග අවසන් වෙමින් පවතින බවයි.

පසුගිය මාර්තු මස ස්කයිප් සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මැයි මාසයේ සිට සිය මෙහෙයුම් නැවැත්වීමට තීරණය කළ බවයි.

මෙහෙයුම් නැවැත්වීමෙන් පසුව ස්කයිප් ගිණුම් හිමියන්ට එම මුරපද සමග Mඉcරොසොෆ්ට් ඨේම්ස් Fරී වෙත සම්බන්ධ වීමට හැකියාව ලැබෙන බවත් එම සමාගම පවසා ඇත.

2003දී ප්‍රථම වරට නිකුත් කරන ලද ස්කයිප්, 2011 දී මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඩොලර් බිලියන 8.5 කට මිලදී ගන්නා ලද අතර එය එකල එහි විශාලතම අත්පත් කර ගැනීම බවද වාර්තා විය.

ස්කයිප් කලක් ලොව පුරා සිටින මිතුරන්ට සහ පවුලේ අයට තම පරිගණක හරහා නොමිලේ වීඩියෝ සහ ඕඩියෝ ඇමතුම් ලබා ගැනීමට මිනිසුන්ට අවකාශය සැලසූ ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවි වලින් එකක් විය.

ස්කයිප් මෙම සේවාව ලබා දුන් පළමු හෝ එකම සමාගම නොවූවත්, පරිශීලකයින්ට පරිගණකයෙන් පරිගණකයට නොමිලේ ඇමතුම් ලබා ගැනීමට ඉඩ දීමෙන් එය ජනප්‍රිය වීමට සමත් වී තිබුණි.

සටහන – සත්සරණී

Related posts

25ට අඩු අයට ෆාමසිවලින් නොමිලේ කොන්ඩම්

Admin

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට

colombotoday

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ, මියගිය කොටින් සැමරීමට එරට රජය අවසර දෙයි

colombotoday

තවත් බොලිවුඩ් තරුවකට කොරෝනා

colombotoday

රජයට එරෙහිව ඊශ්‍රායලයේ විරෝධතා ආරම්භ කරයි

colombotoday

ඔස්ට්‍රියාවේ, වියානා අගනුවරට ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්. | දෙදෙනක් මරුට. 15ක් තුවාල ලබති.

colombotoday