Colombo Today Local News

SF ලොකූ අත්අඩංගුවට ගැනීමට පෙර සොයිසාගේ ඝාතනය ගැන වීඩියෝවකින් කී ආන්දෝලනාත්මක කතාව

අනුරාධපුර පැනොරාමා රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු කරාටේ ශූරා වසන්ත සොයිසාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ ඉරෝන් රණසිංහ මේ වන විටත් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. අත් අඩංගුවට පත් වීමට පෙර ඉරොන් රණසිංහ විසින් ඔහුගේ ෆේස්බුක් වසන්ත සොයා ඝාතනය සම්බන්ධයෙන් ආන්දෝලනාත්ම වීඩියෝ ප්‍රකාශයක් ප්‍රසිද්ධියට පත්කර තිබුණා. එම වීඩියෝ පටය පහතින්.

“වසන්ත සොයිසාගේ රෙකෝඩ්ස් ගැන කතා කරත් ඔහු අනුරාධපුරේට කරපු හානිය ගැන කවුරුත් කතා කරන්නෑ. පූජනීය නගරයේ නයිට් ක්ලබ් දාගෙන කාන්තාවො නටවලා, ජවාරම් කරවල ළමයින්ට කිරි පැකට් එකක් ගන්න තිබුණ සල්ලි, හාල් ටිකක් ගන්න තිබුණ අනුරාධපුර මිනිස්සුන්ගෙ සල්ලි වසන්ත සොයිසා හූරගෙන කෑවා. කවදාවත් වසන්ත සොයිසාව මරන්න කියල ප්ලෑන් කරේ නෑ. මෙතනට වැඩේ සිද්ධ වෙනකන්. අනුරාධපුරේ අවශ්‍යතාවය තිබ්බේ මේ නයිට් ක්ල්බ් එක විනාශ කරල ගිනි තියල අයින් කරල දාන්න. කවුරුත් මැර කණ්ඩායම් ගියෙත් නෑ. හොද කොන්ද පණ තියන හොද පිරිමි තරුණ පිරිසක් තමයි මේකට සහභාගී වුණේ. වසන්ත සොයිසා එක්ක ගොඩක් හිතවත්ව මං හිටියේ. මාස 4කට කලින් ඔහු මට පොඩි දෙයක් කරන්න කියල කීවා. මම ඒක බෑ කියල කීවා. ඒ නිසා මොහු මට අතින් දැම්මා මම බෝම්බයක් ගැහුව කියල බෝම්බයක්.

එතනින් පස්සේ තමයි ඔය පොඩ්ඩ පොඩ්ඩ වෛරය ඇතිවුණේ. ඊට පස්සෙ එයා මට පන්න පන්නා මාව අල්ලන්න එක එක දේවල් කරා. ඒ කට්ටිය කරපු අකුසල්වල හැටියට තමයි ඒ කට්ටියට ඒක පලිසන් දුන්නේ. මම දන්නෙත් නෑ. මම ඇතුලට ගිහිල්ල එනකොට අදාල මනුස්සයා වැටිල හිටියා. එතනින් එහාට කවුද කළේ, කින්ද මන්ද කියල කවුරුත් දන්නෑ. අපි ට්‍රයි කළේ අනුරාධපුරේට වැඩක් කරන්න. කට්ටිය එකතු වෙලා වැඩේ කළා. අපට සතුටුයි එල්ලුම් ගහට ගියත් අපි බය නෑ. නයිට් ක්ලබ් එක අනුරාධපුරෙන් අයින් වුණා. මම හිතනවා ආයේ ක්ලබ් එකක් අනුරාධපුරේ අරින එකක් නෑ කියලා. ආයෙ ඇරියත් ඔය වගේ දෙයක් වෛන විදිහට වැඩ ටික කරගෙන යනවා” යැයිද ඔහු එම වීඩියෝ පටයේ ප්‍රකාශ කර තිබේ.

සැකකරු රඳවා තබාගැනීමේ නියෝග මත රඳවාගෙන තව දුරටත් ප්‍රශ්න කෙරේ.

Related posts

රංගන ශිල්පී උද්දික අනුරපුරෙන් මැතිවරණ සටන අරඹයි

colombotoday

හිටපු CID අධ්‍යක්ෂ ශානි සේවයෙන් පහ කෙරේ

colombotoday

කොළඹට එන දුර ගමන් සේවා බස් රථ යළි දැනුම්දෙන තුරු අත්හිටුවීමට පියවර

colombotoday

ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට වහාම සූදානම් වන්නැයි නිලධාරීන්ට ජනපතිගෙන් හා අගමැතිගෙන් උපදෙස්

colombotoday

ඇමරිකාව ශ්‍රී ලංකාවට සංචාරක සීමා පනවයි

colombotoday

බඹරුන්ගෙන් බේරෙන්න ගිය සිසුවෙක් ප්‍රපාතයකට ඇදවැටි මරුට

Admin