Colombo Today Local News

SF ලොක්කාගේ සහ ඥාතීන්ගේ බැංකු ගිණුම් වල සවිස්තර වාර්තාවක් අධිකරණයෙන් ඉල්ලයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මියගිය ඉරෝන් රණසිංහ නොහොත් “එස්.එෆ්.ලොක්කා”,ඔහුගේ පවුලේ ඥාතීන් හා පෙම්වතිය ඇතුළු දස දෙනෙකුගේ නමින් ඇති බැංකු ගිණුම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් පොලීසියට ලබා දෙන්නැයි අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ශාඛා තිස් දෙකක කළමනාකාරීත්වයට නියෝග කර තිබේ.

ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එසේ නියෝග කර ඇත්තේ, අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් ය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එම් යසරත්න මහතා සඳහන් කර ඇත්තේ, වෙඩි තබා ඝාතනය කෙරුණු “එස්.එෆ්.ලොක්කා” ජීවතුන් අතර සිටිය දී හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලී සිට ඇති බවට පොලිස් විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු ලැබෙමින් පවතින බවය.

ඒ අනුව “එස්.එෆ්.ලොක්කා” ඔහුගේ පියා වන ආර්.ඒ අනුර, මව වන ජේ. එලිසබෙත් රාණි, සහෝදරයෙකු වන ආර්.ඒ අසිත රණසිංහ, සහෝදරියක වන ආර්.ඒ අනෝජා රණසිංහ, පෙම්වතිය බව පැවසෙන තිලිණි නදීෂා වීරසිංහ සහ ඥාතීන් වන සුතාරා චේතුමාලි චන්ද්‍රසිරි, ජේ.එම් මනෝජ් රංගන අමරසේකර, එම්.ඒ ධනංජය මල්ලවාරච්චි සහ ඩී.එච්.ඩබ් චමින්ද කුමාර යන අයගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාවක් අධිරණය විසින් ඉල්ලා තිබේ.

පසුගිය අගෝස්තු 5 වන දා උදෑසන 11.45ට පමණ අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ දී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් “එස්.එෆ්.ලොක්කා” ඝාතනයට ලක්විය.

Related posts

පැරණි ආරක්‍ෂිත පොලිතීන් ආවරණය සහිත සිලින්ඩර වෙනුවට නව සිලින්ඩර නිකුත් කරන්නැයි ලිට්‍රො සමාගමට නියෝගයක්

colombotoday

අළුත්ගම ගිය ඥාණසාර හිමිට ප්‍රභූ ආරක්ෂාව !

colombotoday

තවත් තරුණියක් අතුරුදන්

Admin

LTTE රැඳවියන් 16කට ජනාධිපති සමාව

colombotoday

රතන හිමිගේ කුමන්ත්‍රණයට හසුවූ විමල්,වාසු ගම්මන්පිලට අමාත්‍යධුර අහිමි වෙවිද ?

colombotoday

වැලි ව්‍යාපාරිකයකු අභිරහස් ලෙස මියගිය

colombotoday