extremism & terrorism activitiesTop StoriesWorld

තබ්ලික් ලොක්කා මවුලානා සාද් පොලිසියටත් වංගු දමයි. පල්ලිය විවෘත කරන තුරු ප්‍රකාශයක් දෙන්න බෑ කියයි

ඉන්දියාව වසා දැමීමට දුන් නියෝගය පිලි නොගැනීම සහ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම යන චෝදනා මත දිල්ලියේ ආගමික සමුළුවක් පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දීය තබ්ලික් ජමාත් ප්‍රධානියා වන මවුලානා සාද් ඇතුළු හය දෙනෙකුට එරෙහිව එරට පොලිසිය විසින් චෝදනා ගොනු කර ඇත.

දිල්ලි පොලිස් අපරාධ අංශය විසින් නැගූ පිටු නවයකින් යුත් ප්‍රශ්න 26 කට ප්‍රතිචාර දක්වමින්, මවුලානා සාද්, සඳහන් කර ඇත්තේ නිසාමුදීන් මාකස්(පල්ලිය) වසා ඇති බැවින් එය නැවත විවෘත කරන විට ප්‍රශ්නවලට පිළිතුරු සපයන බවයි.

මෙනිසා දිල්ලි පොලිසියේ අපරාධ අංශයේ පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙය විභාග කිරීම සඳහා නිසාමුදීන් මාකස් වෙත පැමිණියහ.

මේ අතර, මව්ලානා සාද්ගේ නිතිඥ්ඥයින් තබ්ලික් ජමාඅත් ප්‍රධානියා පලාගිය බවට පළ වූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කළේය. නිතිඥ්ඥ ෂහීඩ් අලි කියා සිටියේ පොලිස් අපරාධ අංශයට පිළිතුරු දිය යුතු නමුත් ඒ සඳහා කාලය අවශ්‍ය බවයි.

මවුලානා සාද්ගේ පුත් සහ තබ්ලික් ජමාඅත් කමිටු සාමාජික මොහොමඩ් යූසුෆ් සාද් සිකුරාදා පොලිසිය වෙත ලිඛිත ප්‍රකාශයක් ලබා දුන්නේය. යූසුෆ් පවසන පරිදි මෙම ප්‍රකාශය කෙටුම්පත් කර ඇත්තේ මවුලානා සාද් සමඟ සාකච්ඡා කරමිනි.

“මාර්තු 31 සිට ජමාත් මූලස්ථානය පිළිබඳ මාධ්‍ය වාර්තා කුමන්ත්‍රණයේ කොටසක් පමණක් වන අතර එය මාකස්(පල්ලිය) අපකීර්තියට පත්කිරීමේ උත්සාහයකි. තබ්ලිගි ජමාත් කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ කිසිදු සම්බන්ධයක් නැත” යනුවෙන් සඳහන් කර ඇත. මවුලානා සාද් සිය ලිඛිත ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ තබ්ලික් ජමාත් මූලස්ථානයේ රැස්වුවන්ට වෛරසය ආසාදනය වීම සාමාන්‍ය සිදුවීමක් පමණක් බවයි.

“මෙය සාමාන්‍ය සිදුවීමකි. කොරෝනා වෛරසය ගැන දැනගත් වහාම අපි තබ්ලික් ජමාත් මූලස්ථානයට අමුත්තන් ඇතුළුවීම තහනම් කළෙමු. සෑම ආගන්තුකයෙකුගේම වාර්තාවක් අප සතුව ඇත. ජමාත් මූලස්ථානය සියලු අමුත්තන් ආපසු යැවීමට හැකි සෑම උත්සාහයක්ම ගත්තේය” මවුලානා සාද් සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත.

එම ප්‍රකාශයෙන් තවදුරටත් කියැවුණේ: “ජනතා ඇඳිරි නීතියෙන් පසු මාර්තු 24 වනදා මධ්‍යම රාත්‍රියේදී අගමැතිවරයා රට සම්පූර්ණයෙන් වසා දමා ඇති බව ප්‍රකාශයට පත් කළ විගස, තබ්ලික් ජමාත් මූලස්ථානයේ සංවිධානය කර තිබූ උත්සවය නවතා දැමු බවයි. මෙම අවස්ථාවට සහභාගී වූ සියලුම දේශීය සහ විදේශීය පුද්ගලයින් විවිධ ස්ථානවල නිරෝධායනය කර හෝ රෝහල් ගත කර ඇත.

සිකුරාදා අපරාධ අංශයට පිළිතුරු දෙමින් තබ්ලික් ජමාඅත් මූලස්ථානය මෙසේ පවසා ඇත: “පොලිසිය මාකස් මුද්‍රා තබා ඇති අතර මවුලානා සාද්ගේ බොහෝ නියෝජිතයින් දැන් නිරෝධායන නිවාසවල සිටිති. එබැවින් ප්‍රකාශ ලබා දීමට නොහැක. තබ්ලික් ජමාඅත් මූලස්ථානය විවෘත කර සියලුම කළමනාකරුවන් එක්රැස් වී පොලිස් අපරාධ අංශයට ප්‍රකාශ ලබා දෙනු ඇත.

මේ වසරේ මාර්තු මාසයේදී දිල්ලියේ නිසාමුදීන් ප්‍රදේශයේ පැවති සභාවකට සහභාගී වූ තබ්ලික් ජමාත් සාමාජිකයින් ගණනාවක් එරට පුරා විවිධ ප්‍රාන්තවලදී කොරෝනා වෛරසයට ගොදුරුවී ඇති බවට තහවුරු වීමෙන් පසු මෙම ඉස්ලාමීය සංවිධානය අවධානයට ලක්විය.

රාජස්ථාන් වැනි සමහර ප්‍රාන්තවල බලධාරීන් කියා සිටියේ පසුගිය දින කිහිපය තුළ අලුතින් තහවුරු කරන ලද ආසාදන සිද්ධීන් බොහොමයකට මෙම සභාවේ සාමාජිකයින් වගකිව යුතු බවයි. පසුගිය පැය 72 තුළ ඉන්දියාවේ වාර්තා වූ නව කොරෝනා වෛරස් රෝගීන්ගෙන් 56% ක්ම තබ්ලික් ජමාත් අනුගාමිකයින් බව බලධාරීන් පවසයි.

Related posts

මුස්ලිම් රටක් වූ බංග්ලාදේශයත් රොහින්ග්‍යා සංක්‍රමණිකයන් තහනම් කරමින් නීති හදයි !

colombotoday

චීනයෙන් “හැන්ටා” නැමති තවත් වෛරසයක්. පළමු මරණය අද වාර්තා වේ.

colombotoday

කොරෝනා වෛරසයෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව 2500ය ඉක්මවයි

colombotoday

ලබන වසරේ පුර පසළොස්වක පෝය දිනයන් ගැසට් කෙරේ

colombotoday

මුස්ලිම් ජනතාව අයිති “ගැහුවොත් ගහන පරම්පරාවටයි” – නින්දවුර්වලින් මතුවෙන අලි අහමඩ් රශාඩි අන්තවාදියා

colombotoday

ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 8,000 ඉක්මවයි

colombotoday