යහපාලන සම්මුති රජයේ සිව්වන ඇමති මණ්ඩල සංශෝදනය අද පෙරවරුවේ සිදු කිරීමට නියමිතය.
ආණ්ඩුවේ සියළුම ඇමතිවරුන්ට අද පෙරුවරු 9.30වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටින ලෙස දැනුම් දී ඇති අතර, කැබිනට් ඇමතිවරුන් පමණක් අද දිවුරුම් දීමට නියමිතය.
ජනාධිපති ලේකම්වරයා සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා එක්ව මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී විද්‍යාත්මක විෂය බෙදීමක් යටතේ අමාත්‍යාංශ නම් කරීම සිදුකර ඇති අතර, ඒ අනුව අමාත්‍යාංශ සංඛ්‍යාව 43ට සීමාකර ඇති බවද පැවසේ.