Colombo Today Local News

මත් උවදුරෙන් දරුවන් මුදාගැනීමට දරුවන්ට පවුරක් බැදි “පවුර”

පාසල් අවට මත්ද්‍රව්‍ය සංසරණයක් ඇති බවට හඳුනාගෙන ඇති පාසල් 4,983ක් අතරින් පාසල් 4,876ක් මේ වනවිට සුරක්ෂිත කර ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව පුද්ගලයින් 517 දෙනෙකු අදාළ පාසල් අවට මත්ද්‍රව්‍ය අලෙවිකළ බවට සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මත්ද්‍රව්‍ය සංසරණයක් තිබෙන බවට හදුනාගත් සෑම පාසලක් ආශ්‍රිතවම අදාළ පාසල් ගුරුවරුන්, ශිෂ්‍ය නායක සහ පාසල් අවට ශිෂ්‍ය ප්‍රජාව සහභාගි කරවා ගනිමින් “පවුර” සංසද කමිටු 5,133 ක් පිහිටුවන ලදී.

එම “පවුර” සංසද කමිටු සාමාජිකයින් විසින් ලබාදුන් වාර්තාවන් අනුව පාසල් 4,876 ක් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය සුලභතාවය පිළිබඳ අවදානම යම්තාක් දුරකට පහව ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

එසේම, පාසල් 107 ක් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය අවදානම පවතින බවට “පවුර” සංසදය වාර්තා කර ඇති අතර, එම පාසල් අවට තවදුරටත් මෙහෙයුම් සිදුකරන ලෙසට අදාළ පාසල් පිහිටා ඇති පොලිස් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වෙත පොලිස්පතිවරයා විසින් මේ වන විටත් උපදෙස් ලබාදී ඇත.

එසේම, පාසල් 434 ක් ආශ්‍රිතව ළමුන් නොමග යැවීමට පොළඹවන ස්ථාන ඇති බවට හදුනාගෙන ඇති අතර, එම පාසල් අවට ඉදිරි කාලය තුළ මෙහෙයුම් සිදුකරන ලෙසටත් අදාල කොට්ඨාස භාර නිළධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

පාසල් ආශ්‍රිතව දරුවන්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සදහා “පවුර” සංසදය තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක වන බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සදහන් කරන්නේ

Related posts

වියදම වැඩියි.. හමුදාවේ පිරිස් බලය අඩු කරන්න… ඇමරිකානු කොංග‍්‍රස් කමිටුව ජනපතිට කියයි

colombotoday

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ගේන්න උලමා සභාව සහයෝගය දෙනවලු | මරාගෙන මැරුණු ජමීල්ගේ මාමා තාසිම් මවුලවිගෙන් නිවේදනයක්.

colombotoday

චමුදිතගේ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි

Admin

වෛද්‍යවරු සටන දිනයි.. පරාජිත ඇමති රාජිත වෛද්‍ය නාම ලේඛණය ඉවත්කර ගනී

colombotoday

මහනාහිමි තීරණය නොතැකේ.. ව්‍යවස්ථා මණ්ඩලයෙන් විමල් ගියාට ඒකාබද්ධය නොයයි !

colombotoday

කොම්පඤ්ඤ වීදිය ගුවන් පාලම අද සිට විවෘත වේ

Admin