සෞදි අරාබිය විසින් ලිංගික අපයෝජනය / ලිංගික අඩන්තේට්ටම් සහ හිරිහැර කිරීම් යනාදිය නෛතික වැරදි ලෙස නම් කිරීමට තීරණය කර තිබෙනවා. මේ සම්බන්දයෙන් සෞදි අරාබියේ කැබිනට් මණ්ඩලයට උපදෙස් ලබාදෙන ෂූරා කවුන්සලය අදාල නීති කෙටුම්පත අනුමත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
මෙහිදී ලිංගික අපයෝජනය / ලිංගික අඩන්තේට්ටම් සහ හිරිහැර කිරීමකට වසර 5 කින් පටන්ගන්නා සිර දඩුවමක් සහ රියාල් 300 000 ක දඩයක් පැනවීමට නියමිතයි. මෙය සෞදි නියාමන ඉතිහාසයේ වැදගත් එකතු කිරීමක් බව එරට නීති බළධාරීන් සදහන් කරනවා.