Colombo Today Local News

නුවරදී ඊයේ සිදුවූ නොහොබිනා වැඩේ ගැන ළමාරක්ෂක අධිකාරියෙන් පරීක්ෂණයක් !

මහනුවරදී පැවති විවාහ මංගල උත්සවයක් සදහා පාසැල් සිසුවියන් 250ක් යොදාගනිමින් එම ළමුන් හිංසනයට ලක්කළ බවට ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි වාර්තා වී ඇති බව එම අධිකාරිය සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවයි. එසේම මේ සම්බන්ධයෙන් අදාළ අධ්‍යාපන බලධාරීන් සමගද සාකච්ඡා කරන බවද එම නිවේදනයේ දැක්වේ.

ගිනස් ලෝක වාර්තාවක් පිහිටු වීම සදහා නිර්මාණය කළ කිලෝමීටර් 3ක දිගින් යුත් සාරි පොටක් ඔසවාගෙන යෑම සදහායි ඊයේ (21) මෙම පාසල් දරුවන් සහභාගී කරගෙන තිබුණේ. එහිදී එම දරුවන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින අයුරු මාධ්‍ය වාර්තාවල සදහන්ව තිබුණා.

සරත් ඒකනායක විද්‍යාලය ලෙස නම් කර ඇති අලතුගොඩ කණිෂ්ඨ විද්‍යාලයෙන් මෙම දැරියන් පිරිස රැගෙනවිත් තිබෙන අතර, මධ්‍යම පළාත් මහඇමති සරත් ඒකනායකගේ නියෝගයකට අනුවයි ඔවුන් මේ කටයුත්ත සදහා සහභාගී කරගෙන තිබෙන්නේ. එම අවස්ථාවට මහඇමතිවරයාද සහභාගී වී තිබෙන අතර ඔහු දරුවන් හසුරවන අයුරුද වීඩියෝ දර්ශනවල සටහන්ව තිබෙනවා.

පාසැල් දරුවන් මෙවැනි කටයුත්තකට සහභාගී කරගැනීම සම්බන්ධයෙන් මහඇමතිවරයා ඇතුළු පිරිසට දැඩි විරෝධයක් මේවන විට එල්ල වෙමින් තිබෙනවා.

[fbvideo link=”https://www.facebook.com/haraspara/videos/1854084274904151/” width=”580″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

මහියංගණයේදී වෑන් රථයක් බසයක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙක් මරුට

colombotoday

“රොහින්ග්‍යා ත්‍රස්ත සංක්‍රමණිකයන් මේ රටට එපා.. ශ්‍රී ලාංකික අපි බුරුම බෞද්ධයන් සමගයි” (Photo)

colombotoday

වස විෂ පිරි පිටරට කිරි වලට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා…

colombotoday

සිනි කන්ටේනරෙන් කෝටි 45ක හෙරොයින් හමුවෙයි

colombotoday

මැතිවරණ පිළිබද දැනුම්දීමක්

Admin

ශී‍්‍ර ලංකාවට ලබාදෙන ජී. එස්. පී. ප්ලස් කපන්න යුරෝපා සංගමය තීරණය කරලා – සුමන්තිරන් කියයි

colombotoday