Colombo Today Local News

බොරතෙල් නොමැතිව සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට නැවත වසා දමයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (21) සිට සති තුනක පමණ කාලයකට නැවත වසා දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.

එම තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කිරීම සඳහා බොරතෙල් නොමැති වීම නිසා මෙසේ නැවත වසා දමන බවත් බොරතෙල් ලැබුණු වහාම නැවත විවෘත කරන බවත් විජේසිංහ මහතා කීය.

බොරතෙල් මේ වන විට ඇනවුම් කර ඇති බව කී විජයසිංහ මහතා එම බොරතෙල් අප්‍රේල් මාසයේ ලැබෙනු ඇති බවත් සඳහන් කළේය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව බොරතෙල් නොමැතිවීම නිසා වසා දමන තුන්වැනි අවස්ථාව මෙය වේ.

Related posts

ඉන්ධන කාන්දුවක් සිදුවුවහොත්

colombotoday

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2017

colombotoday

රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

සමාව ඉල්ලන ලියුමට රන්ජන් අත්සන් කරයි

colombotoday

ගොවීන් 60%කට පොහොර සහනාධාරය කැපේ !

colombotoday

ජවිපෙ නායකයා ජනතාව මුලාකරනවා.. ඔහු දන්න සමාජවාදයක් නැ

colombotoday