පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයට සහය ලබා දීමත් සමගම සමගි ජන බලවේගය පක්ෂය අවුල් ජාලාවක් බවට පත්වී තිබේ.
සමගි ජන බලවේගය පක්ෂයේ උප ලේකම් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය 20ට සහය දිමත් සමග සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා දුරකතනයෙන් ඇයට බැන වැදි ඇති අතර ඩයනා ද දැඩි ලෙස බැන වැදී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.
කෙසේ වෙතත් මෙම පක්ෂය ඩයනා ගමගේ මහතිමිය සතු පක්ෂයක් වන අතර පක්ෂයේ මහාලේකම්ධුරය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට සහ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදුන්න ද පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බලය මන්ත්‍රිනී ඩයනා ගමගේ සතුව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
පක්ෂයේ උප සභාපති ලෙස කටයුතු කරනු ලබන්නේ ද ඩයනා ගමගේ මහත්මියගේ සැමියා වන සේනක ද සිල්වා මහතායි.
කෘත්‍යාධිකාරි මණ්ඩලයට පක්ෂයේ තනතුරු වෙනස් කිරීමේ බලය සතු වේ.