Colombo Today Local NewsUncategorized

ගොවියෝ ගහයි කියලා ආණ්ඩුව කන්න රැස්වීමක්වත් තියන්නේ නෑ!

මහ කන්නය දැනටමත් ආරම්භ වී ඇති නමුත්, ලංකාවේ ගොවිබිම්වලින් භාගයකවත් තවම කන්න රැස්වීම් පවත්වා නැතයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පවසයි.

මහාපරිමාන වාරි කර්මාන්තවල කන්න රැස්වීම ප්‍රාදේශීය ලේකම්වරුන් ගේ මුලිකත්වයෙන් පැවැත්විය යුතුයි. කුඩා රැස්වීම් පැවැත්වීමේ පිළිගත් ක්‍රමවේදයක්, සාම්ප්‍රදායක් තියෙනවා. මහ කන්නයේ කන්න රැස්වීම්වලින් භාගයක්වත් තවම පවත්තලා නෑ. ආණ්ඩුවේ තීරණ නිසා, රාජ්‍ය නිලධාරීන් ගොවීන් ලඟට යන්න බයයි. නිසා රැස්වීම් තියන්නේ නැතිව මඟහරිනවා යැයි කවිරත්න මහත්මිය පැවසූවේ රත්තොට පැවති ගොවි සංවිධාන රැස්වීමක් අමතමිනි.

බඩ ඉරිඟු වගාවට පොහොර දෙනවා කියලා රාජ්‍ය ඇමතිකෙනෙක් ඊයේ කියලා තිබුණා. ඒ ඇමති දන්නේ නෑ බඩ ඉරිඟු වගාවට පොහොරවලට කලින් වල් නාශක ඕනි කියලා.

කෘෂිකර්මයට සම්බන්ධ ඇමතිවරු 9 දෙනෙක් ඉන්නවා. ඒ කාටවත් ගොවියෝ අතරට ගිහින් රැස්වීමක් තියන්න බෑ. දැන් මේ අය වගා කරන්නේ මහ පොළොවේ නෙවෙයි, අන්තර් ජාලයේ. දේශපාලනයෝ විතරක් නෙවෙයි, රාජ්‍ය නිලධාරීන්ටවත් ගොවියෝ ලඟට යන්න බෑ. හැම කන්න රැස්වීමක්ම අවසන් වුණේ ආරවුලකින්. ආණ්ඩුවේ වැරදිවලට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ, අසරණවෙලා තියෙන්නේ රාජ්‍ය නිලධාරීන්.

දැනට වගා කරලා තියෙන බිම්වලට අවශ්‍ය කෘෂි රසායන ටික දෙන්නේ නැතිව ගමක ගොවි රැස්වීමක් තියන්න බෑ. යන යන තැන ගොවියෝ උද්ඝෝෂණ කරන නිසා රාජ්‍ය නිලධාරීන් රැස්වීම්වලට යන්නේ නෑ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් නිසි මඟ පෙන්වීමක් නැතිව අන්ත අසරණ වෙලා. අහන කිසිම ප්‍රශ්ණයකට උත්තරයක් නෑ. මාතලේ ගොවියෝ රැසක් වී ගොවිතැනින් ඉවත්වෙලා, බතල හදනවා. ඒ බෙහෙත් පොහොර ඕනි නැති නිසා.

අද ඉදලා කාබනික පොහොර බෙදනවා කියලා අණ බෙර ගහනවා. ලංකාවේ සමස්ථ පොහොර අවශ්‍යතාවයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කරලා තියෙන්නේ 2% යි. ගොවියා රවට්ටන්න ගිහින් දැන් රටම රැවටිලා තියෙන්නේ.

Related posts

ජනපති රනිල්ගෙන් අඹේවෙල ගොවිපොළට තෑග්ගක්

Admin

සිංගප්පූරු ගිවිසුම නැවත විමර්ශනයට !

colombotoday

හෙරොයින් සමග චූටි නංගි අත්අඩංගුවේ

colombotoday

ඉන්දියාවේදී ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණ සම්මාන 7ක් !

colombotoday

මහජන ආරක්ෂාව උදෙසා අති විශේෂ ගැසට් නිවේදනයක්… ත්‍රිවිධ හමුදාවට විශේෂ රාජකාරියක් !

colombotoday

පාස්කු ප්‍රහාරය මෙහෙයවූයේ රිෂාඩ් බදියුදීනුයි හිස්බුල්ලා යි ත්‍රස්තවාදීන් ආරක්ෂා කළේ මුජිබර් රහුමාන් | නීතියට අවනත නැති නම් රටින් පිටුවහල් කරන්න යෝජනාවක්

colombotoday