Colombo Today Local News

ඇස්බැස්ටෝස් තහනම ඉවත් කිරීමට  කුරුමිනියෙකුට හැකිවීනම් අපේ රටට පාලකයන් කුමකටද?

‘ඇස්බැස්ටෝස් තහනම ඉවත් කිරීමට කුරුමිනියෙකුට හැකිවීනම් අපේ රටට පාලකයන් කුමකටද’යි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ප‍්‍රශ්න කරයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

ඇස්බැස්ටෝස් තහනම ඉවත් කිරීමට  කුරුමිනියෙකුට හැකිවීනම් අපේ රටට පාලකයන් කුමකටද?

2018 වසරේ සිට ඇස්බැස්ටෝස් තහනම් කරන බවට රජය 2016 වසරේ  සිට ප්‍රකාශ කරන ලදී. එහෙත් 2017 දෙසැම්බර් 19 දින රජය පැවසුවේ ඇස්බැස්ටෝස් 2018 සිට තහනම් නොකරන බවයි.

ඇස්බැස්ටෝස් තහනම් කිරීමට හේතු වූයේ ඇස්බැස්ටෝස් මගින් පිලිකා ඇති කරන බව රජයේ මතය වූ බැවිනි.

අප අසනුයේ දැන් ඇස්බැස්ටෝස් මගින් පිලිකා ඇතිවෙන්නේ නැද්ද යන්නය.

රුසියාව විසින් අප රටේ තේ සදහා තහනමක් පැනවූයේ මෙම ඇස්බැස්ටෝස් තහනම නිසා බව බොහෝ අයගේ මතය වී ඇත.

එය එසේනම් පොලිතින් තහනමටත් මෙසේම විය හැක. අප තවමත් අධිරාජ්‍ය ගැත්තන් වී ඇත.

ජනතාවට පිළිකා  සැදුනත් කමක් නැත. රුසියාව හොදින් තබා ගතයුතුය. අපේ පාලකයන් සිතන්නේ එසේය අහෝ! රටකට ගිය කල අපට කීමට ඇත්තේ එපමණකි.

රංජිත් විතානගේ
සභාපති

Related posts

පානදුර දෙපිරිසක් ගැටී නිවෙසක් ගිනි බත් කර නවතී

Admin

ව්‍යාජ PCR රිපෝට් සැකසූ 3ක් CID අත්අඩංගුවට

colombotoday

156 වන ශ්‍රී ලංකා පොලිස් සංවත්සරයට ජාතියේ උත්තමාචරය..! – ප්‍රධාන සැමරුම් උත්සවය අද ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

colombotoday

මහ බැංකුව අගමැති මහින්ද යටතට…

colombotoday

ඩෙංගු රටම ගිලගනී.. සෞඛ්‍ය අමාත්‍යාංශය ඩෙංගු රෝගීන් ගණනය කිරීමත් අතහැර දමයි !

colombotoday

වසර 59ක් දුක් වින්දේ වසර 5කින් බලය අතරින්න නෙමෙයි

Admin