සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති සිය මොරොක්කෝ ජාතික බිරිඳ සමග මෙරටින් පැන ගොස් ඇති බවට මුස්ලිම් සමාජය තුල ආන්දෝලනයක් ඇතිවී තිබෙනවා.
මේ පිළිබඳව පුවත් Jaffna Muslim වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවි ගණනාවකත් සමාජ මාධ්‍යයේත් සංසරණය වෙමින් පවතියි.
උලමා සභාවේ වැඩබලන සභාපති ලෙස තබ්ලික් දැඩි මතදාරී අබ්දුල් හාලික් පත්කර ඇති අතර ඔහුගේ දේශනා ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවය විසින් මීට ඉහතදී වාරණය කිරීමට ද කටයුතු කල බව වාර්තා වේ.